මධ්‍යම පරිසර අධිකාරියට නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

මධ්‍යම පරිසර අධිකාරියේ පුරප්පාඩුව පැවති අධ්‍යක්ෂ ජනරාල් තනතුර සඳහා ආර්.එස්.පී. කපිල මහේෂ් රාජපක්ෂ මහතා පත් කර තිබේ.

පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැදි මහතා විසින් අදාළ පත්වීම් ලිපිය ඊයේ (25) දිනයේදී ප්‍රදානය කර ඇත.

කපිල රාජපක්ෂ මහතා රුහුණු විශ්වවිද්‍යාලයේ ජීව විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී උපාධිලාභියෙකු වන අතර රුහුණු විශ්වවිද්‍යාලයේ සංවර්ධන සැලසුම්කරණය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වන විද්‍යාව සහ පරිසර කළමනාකරණය පිළිබඳ විද්‍යාපති උපාධියත් ලබාගෙන ඇති අතර ඔහු කුණු ආසියානු සහයෝගීතා පරිසර වැඩසටහන (SACEP) මගින් ක්‍රියාත්මක වන, “දකුණු ආසියාව සඳහා ප්ලාස්ටික් රහිත ගංගා සහ මුහුදු” (PLEASE) කලාපීය ව්‍යාපෘතියේ පරිසර සහ සමාජ සංවර්ධන විශේෂඥයෙකු ලෙස කටයුතු කර තිබේ.

එසේම ශ්‍රී ලංකාව විසින් ක්‍රියාත්මක කරන ලද JICA අරමුදල් සහිත සංවර්ධනය වන ප්‍රදේශවල ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘතියේ (RIDEP) ද ක්‍රියාකාරී පරිසර විශේෂයෙකු ලෙස ද ඔහු කටයුතු කර ඇත.

එමෙන්ම ශ්‍රී ලංකාව විසින් ක්‍රියාත්මක කරන ලද මෙට්‍රෝ කොළඹ නාගරික සංවර්ධන ව්‍යාපෘතියේ (MCUDP) ජ්‍යෙෂ්ඨ පරිසර නිළධාරියෙකු ලෙස කටයුතු කර ඇති ඔහු මෙරට ක්‍රියාත්මක කරන ලද, ADB අරමුදල් සහිත, දෙවන පෙළ නගර සහ ග්‍රාමීය ප්‍රජා පාදක ජල සම්පාදන හා සනීපාරක්ෂක ව්‍යාපෘතියේ විශේෂයෙකු ලෙස කටයුතු කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වහාම ක්‍රියාත්මක වන පරිදි ආණ්ඩුකාර ලීසා කුක් ෆෙඩරල් සංචිත පාලක මණ්ඩලයෙන් ඉවත් කිරීමට නියෝග කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 26:ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ්...

සියලු දෙනා නීතිය ඉදිරියේ සමාන විය යුතුයි – ජනපති අනුර

රෂිකා හෙන්නායක අගෝස්තු 26, කොළඹ LNW: අද (26) කොළඹ දී...

හෙල්ලක් නොවන දුන්නක් …

නිශ්මං රණසිංහ අගෝස්තු 26, කොළඹ LNW: හෙල්ල කියන්නෙ අද යුද අවියක්...

රනිල් හදපු විරෝධය! (PHOTOS)

කොළඹ LNW: පොදු දේපළ පනත යටතේ රක්ෂිත බන්ධනාගාරගත කර...