සියලු දෙනා නීතිය ඉදිරියේ සමාන විය යුතුයි – ජනපති අනුර

Date:

රෂිකා හෙන්නායක අගෝස්තු 26, කොළඹ LNW:

අද (26) කොළඹ දී ජාතික භික්ෂු දින සැමරුම් උත්සවය පවත්වනු ලැබීය. එහිදී එම අවස්ථාවට එක්වෙමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කියා සිටියේ, සියලු දෙනා නීතිය ඉදිරියේ සමාන විය යුතු බවත්, එවැනි සංස්කෘතියක් සිය රජය විසින් ස්ථාපිත කරනු ලබන බවත්ය.

කවර හෝ දිනයක අපරාධයකට, දූෂණයකට, බලය අයුතු ලෙස භාවිත කිරීමකට හෝ මහජන ධනය අවභාවිත කිරීමකට කවරකු හෝ කටයුතු කරන්නේ නම්, ඒ සියලු දෙනා නීතිය ඉදිරියට ගෙන ඒමට උපරිම ආකාරයෙන් කටයුතු කරන බවද තවදුරටත් ජනාධිපතිවරයා සිටියේය.

තවදුරටත් ජනාධිපති අනුර මෙහිදී කියා සිටියේ,

“සෑම දෙනාම නීතිය ඉදිරියේ සමාන විය යුතුයි. එවැනි සංස්කෘතියක් අපි හදනවා. ධනය, බලය, තනතුරු, ඉතිහාසය, විරාජමානව බලය හෙබවීම, කිසිවක් අදාළ නැහැ. නීතියේ ඉදිරියේ හැමදෙනාම සමානයි

අපේ රටේ කවර හෝ දිනක අපරාධයකට හවුල් වී තිබෙනවා නම්, කවර හෝ දිනයක දූෂණයකට හවුල් වී තිබෙනවා නම්, කවර හෝ දිනයක බලය අයුතු ලෙස උපයෝගී කර ගෙන තිබෙනවා නම්, කවර හෝ දිනයක මහජනයාගේ ධනය රිසි සේ නාස්ති කොට තිබෙනවා නම්, ඒ සෑම කෙනාම නීතිය හමුවට ගෙන ඒම සඳහා උපරිම ප්‍රයත්න දරනවා. පළිගැනීම නෙමෙයි. දඩයම් කිරීම නෙමෙයි. මේ සමාජයට යළි නීතිය, යුක්තිය, සාධාරණත්වය පිළිබඳව හැඟීමක් සහ විශ්වාසයක් හදන්න ඕනෑ.‘‘ ලෙසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මේ මොහොතේ අධිවේගී මාර්ගවල ගමන් ගන්නා අයට විශේෂ පණිවුඩයක්!

අධිවේගී මාර්ගවල ගමනාගමනය කටයුතු සඳහා මේ මොහොතේ සිට (රාත්‍රී...

මහනුවර ආශ්‍රිතවත් මහවැලි ගඟේ ජල මට්ටම ඉහළට. අධි ගංවතුර අවදානම් නිවේදනයක් ! (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල මහවැලි ගඟ ද්‍රෝණියේ යටිනුවර සහ ගඟවට...

දිස්ත්‍රික්ක 20කට වැස්සෙන් පීඩා. මරණ සංඛ්‍යාව 40ක් දක්වා වැඩි වෙයි. තවත් 21ක් අතුරුදහන්!

කොළඹ LNW:පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වන විට...