අන්තරේ මුදලිගේට එරෙහි රැඳවුම් නියෝග බලරහිත කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්!

Date:

අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේට එරෙහි රැඳවුම් නියෝග බල රහිත කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

නීතිඥ රවිහාර පින්නදූව මහතා මාර්ගයෙන් එම පෙත්සම ඉදිරිපත් කිරීමටයි කටයුතු කර ඇත්තේ.

පසුගිය 18 වැනි දින අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය විසින් සංවිධානය කර තිබුණු විරෝධතා පා ගමනින් අනතුරුව වසන්ත මුදලිගේ ඇතුළු තිදෙනා අත්අඩංගුවට ගෙන තිබුණි.

පැය 72ක රැඳවුම් නියෝග ලබාගැනීමෙන් පසු වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා ඔවුන් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ දින 90ක රැඳවුම් නියෝග ලබා ගැනීමට කටයුතු කර තිබුණු අතර ඊට ආරක්ෂක අමාත්‍යාංශය අනුමැතිය දී තිබුණි.

අනතුරුව වසන්ත මුදලිගේ ඇතුළු ශිෂ්‍ය ක්‍රියාකාරිකයින් තිදෙනා තංගල්ල පරණ බන්ධනාගාරය වෙත රැගෙන ගිය අතර ඔවුන් එහි රඳවා ඇත්තේ නාවික හමුදා ආරක්ෂාව යටතේයි.

කෙසේවෙතත් විධිමත් අධිකරණයක් හමුවේ හැර ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය වෙත ප්‍රකාශ ලබා දීමෙන් වැලකීමටයි අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ලෙස වසන්ත මුදලිගේ තීරණය කර ඇත්තේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

උගන්ඩාවට ජයග්‍රහණ බර වැඩි කරන දුර

නිශ්මං රණසිංහ ජනවාරි 14, කොළඹ LNW: ඇමෙරිකාවේ ෆ්ලෝරිඩාවේ තලහසී නගරය...

LPL 2026 ක්‍රීඩක කෙටුම්පත් කිරිම මාර්තු 26 දා

නිශ්මං රණසිංහ ජනවාරි 14, කොළඹ LNW: එල්පීඑල් තරගාවලියේ හයවැන්න 2026...

රනිල් එක්ක ටිල්විනුත් ඇතුළට ?

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ජාතික...

පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ ඝාතන නඩුවේ තීන්දුව අද

සටහන - රුවන් නෙළුගොල්ල පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතාට සහ...