2030 රටට 70% ක් පුනර්ජනනීය බලශක්තියක්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  2030 වනවිට සමස්ත විදුලිබල අවශ්‍යතාවයෙන් 70% ක් පුනර්ජනනීය බලශක්තිය මගින් සපුරාගැනීමේ රජයේ ඉලක්කයයි.

එම ඉලක්කය  සපුරා ගැනීම සදහා වන වැඩපිළිවෙළට සමගාමීව මහා පරිමාණ පුනර්ජනනීය ව්‍යාපෘති 6ක ප්‍රගතිය සමාලෝචනය කර ඇත.

ඒ අනුව රජයේ අවසර ලබා ගැනීම, ඉඩම් පවරාගැනීම්, සම්ප්‍රේෂණ මාර්ග ඉදිකිරිම, විදුලිය මිලදී ගැනීමේ ගිවිසුම්ගත වීම්, මූල්‍ය අවශ්‍යතාවයන්,ව්‍යාපෘති ඉදිකිරීම් කාලරාමුව වැනි කරුණු මෙහිදී සාකච්ඡාවට ලක්ව ඇති බවත් ,අදානි ග්‍රීන් එනර්ජි සමාගම විසින් සංවර්ධනය කරන මන්නාරම සහ පූනරින් මෙගාවොට් 500ක සුලං විදුලිබල උත්පාදන ව්‍යාපෘතිය 2025 වර්ෂයේ ජනවාරි මස අවසන් කිරීමට එම සමාගම එකගතාව පළකර ඇති බවත් වාර්තා වේ.

මෙම කාලරාමුව තුළ ඉදිකිරීම් අවසන් කිරීමට රජයේ අනෙකුත් අවසරයන් සහ විදුලිය මිලදී ගැනීමේ ගිවිසුම් මේ වසරේ සැප්තැම්බර් අවසන් වන විට ලබා දිය යුතු අතර අදාළ ව්‍යාපෘතියට අවශ්‍ය කිලෝවොල්ට් 400ක සම්ප්‍රේෂණ මාර්ගය ඉදිකිරීම ද එම සමාගම විසින් සිදුකරන බවද පැවසේ.

එමෙන්ම පූනකරි ප්‍රදේශයේ මෙගාවොට් 700ට වැඩි බිම්ගත සූර්ය පැනල බලශක්ති ව්‍යාපෘතියේ මෙගාවොට් 134ක් ඝෘජුව ජාතික පද්ධතියට සම්බන්ධ වීමට නියමිතව ඇති අතර, බැටරි මතින් විදුලිය ගබඩාකිරීමෙන් මෙගාවොට් 700ක් දක්වා ජාතික පද්ධතියට පහසුකම් සලසාදීමට අපේක්ෂා කෙරෙන අතර එය 2024 මාර්තු මස වනවිට එහි ඉදිකිරීම් ආරම්භ කිරීමට නියමිත බවයි පැවසෙන්නේ.

අමාත්‍යාංශය සඳහන් කළේ, හම්බන්තොට ප්‍රදේශයේ සංවර්ධනය කරන මෙගාවොට් 150ක බිම්ගත සූර්ය පැනල ව්‍යාපෘතිය 2024 වසරේ දෙසැම්බර් වනවිට සම්ප්‍රේෂණ මාර්ග සමග සමබන්ධ කිරීමට යෝජිත වී ඇති බවයි .

තවද,  ඉන්දියානු ජාතික තාප බල ආයතනය සහ ලංකා විදුලිබල මණ්ඩලය එක්ව ඉදිකරන සාම්පූර් මෙගාවොට් 130ක බිම්ගත සූර්ය පැනල ව්‍යාපෘතිය අදියර දෙකක් යටතේ අවසන් කරන අතර සම්ප්‍රේෂණ රැහැන් පද්ධතිය සමග පළමු අදියර ලෙස මෙගාවොට් 50ක්, 2025 වසරේදී ජාතික පද්ධතියට එක්කිරීමට බලාපොරොත්තු වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

Subscribe

spot_imgspot_img

Popular

More like this
Related

කේරළය කොවිඩ් රෝගයේ වැඩිම බලපෑමට ලක්ව ඇති ප්‍රාන්තය වෙයි!

රෂිකා හෙන්නායක ජුනි 10, කොළඹ LNW : ඉන්දියාවේ මේ වන...

හිටපු ජනපති රනිල් CID කැඳවයි!

කොළඹ LNW:හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන බදාදා දිනයේ...

විදුලි ගාස්තු සුබසාධනය කළ යුතුද ?

කලින් ලිපියෙන් කතා කළ මාතෘකාව වූ ලංවිම පාඩුවට පවත්වාගෙන...

අනුරාධපුර බන්ධනාගාරයේ ප්‍රශ්නය සහ නැවත මේවා නොවන්නට යෝජනා ….

බන්ධනාගාරයක සිරකරුවන් දෙජාතියක් ඉන්නවා. 01.රිමාන්ඩ් සිරකරුවන් හෙවත් රක්ෂිත භාරයට පත්...