හිටපු රාජ්‍ය අමාත්‍යවරයකුට ලැබුණු දඬුවම!

Date:

රෂිකා හෙන්නායක අගෝස්තු 27, කොළඹ (LNW):

අද (27) දින හිටපු රාජ්‍ය අමාත්‍ය ඒ. එච්. එම් ෆවුසිට වසර 2ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කර එය වසර 10ක කාලයකට අත්හිටුවීමට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ නියෝග කළේය.

ඒ. එච්. එම් ෆවුසි වරද පිළිගැනීමෙන් අනතුරුව ඔහුව එම චෝදනාවට වරදකරු කරමින් අධිකරණය එම නියෝගය ලබාදුන්නේය. තවද, විත්තිකරුට ලක්ෂ 4ක දඩයක් ගෙවීමට ද විනිසුරුවරයා නියෝග කර තිබේ.

2010 වසරේ දී ඒ. එච්. එම් ෆවුසි ආපදා කළමනාකරණ අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටිය දී එම අමාත්‍යාංශයේ ආපදා කළමනාකරණ කටයුතු සඳහා නෙදර්ලන්තයෙන් හිමිවූ රුපියල් කෝටි 2කට ආසන්න සුඛෝපභෝගි වාහනයක් සිය පෞද්ගලික පරිහරණය සඳහා යොදවා ගැනීම, ඒ සඳහා අමාත්‍යාංශ ලේකම්වරිය ඇතුළු බලධාරීන් පෙළඹවීම හා වාහනයේ නඩත්තු කටයුතු සඳහා රුපියල් ලක්ෂ 10කට ආසන්න මුදල් අමාත්‍යාංශ මුදලින් වැය කිරීම ආදි අධිචෝදනා 4ක් යටතේ නීතිපතිවරයා විසින් පවරා තිබූ නඩුව අද දින කැඳවු අවස්ථාවේ දී ඒ. එච්. එම් ෆවුසි මහතා නීතිඥවරයා මාර්ගයෙන් වරද පිළිගනු ලැබීය.

එහිදී විනිසුරුවරයා පෙන්නා දුන්නේ වසර 62ක දේශපාලන පලපුරුද්දක් ඇති ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙකු මෙලෙස කටයුතු කිරීම කිසිසේත්ම සුළුකොට තැකිය නොහැකි වුවත් ඔහු මුල් අවස්ථාවේ දීම වරද පිළිගැනීම හා මේ වනවිට වයස අවුරුදු 86ක වයෝවෘධ පුද්ගලයෙකු වීම යන කරුණු සලකා ලිහිල් දඬුවම් නියම කරන බවය. ඒ. එච්. එම් ෆවුසිගේ ඇඟිලි සලකුණු ලබාගැනීමට ද විනිසුරුවරයා නියෝග කරනු ලැබූ බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නීතිය අවභාවිතා කළ ගොඩාක් දෙනා හිරගෙදර කූරු ගණිනවා. එයාලාට හොඳම ඡන්ද ලකුණ බන්ධනාගාරය – ඇමති නලින්

සටහන - රුවන් නෙළුගොල්ල විපක්ෂයේ දේශපාලනඥයින් ඉදිරි මැතිවරණයක් සඳහා සන්ධානගතව...

එක්සත් ජාතික පක්ෂයේ 79 වන සංවත්සර උත්සවය කල් යයි!

ලබන සෙනසුරාදා (6) පැවැත්වීමට නියමිතව තිබූ එක්සත් ජාතික පක්ෂයේ...