චීනයේ හමුදා ඔත්තු බැලීමේ ගුවන් යානයක් සිය ගුවන් සිමාවන් උල්ලංඝණය කළ බවට ජපානයෙන් චෝදනා

Date:

සටහන : සශිකලා මධුෂාණි
අගෝස්තු මස 27 : ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : චීන හමුදා ඔත්තු බැලීමේ ගුවන් යානයක් විසින් සිය ගුවන් සීමාව උල්ලංඝනය කිරීම ජාතික ආරක්ෂාවට හා ජපානයේ ස්වෛරීභාවය උල්ලංඝණය කිරීමක් බව ජපානයේ ප්‍රධාන කැබිනට් ලේකම් යොෂිමාසා හයාෂි ප්‍රකාශ කර තිබේ.

ජපාන හමුදාව සඳුදා(26) ප්‍රකාශ කළේ චීන Y-9 ඔත්තු බැලීමේ ගුවන් යානයක් ජපානයේ ප්‍රධාන දකුණු දූපතක් වන කියුෂු හි නිරිතදිග වෙරළට ඔබ්බෙන් වූ ඩැන්ජෝ දූපත් වලට ඉහළින් පියාසර කළ බවත් චීන ගුවන් යානයට ගුවන් සීමාවෙන් ඉවත් වන ලෙස අනතුරු ඇඟවූ බවත්ය.

කෙසේ නමුත් ගුවන් සීමාව උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් දැඩි විරෝධයක් පළ කිරීම සඳහා වැඩ බලන චීන තානාපති ෂි යොන්ග් කැඳවා එවැනි සිදුවීම් වළක්වා ගැනීම සඳහා වැළැක්වීමට පියවර ගන්නා ලෙස චීනයෙන් ඉල්ලා සිටින බවත්, ජපානය චීන හමුදා ක්‍රියාකාරකම් අධීක්‍ෂණය කරමින් සිටින බවත් ඕනෑම ගුවන් සීමාව උල්ලංඝනය කිරීමකට සම්පූර්ණයෙන්ම සූදානම් බවත් යොෂිමාසා හයාෂි වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්ධන මිල ඉහළට !

සටහන - රුවන් නෙළුගොල්ල ඊයේ (ජුනි 30) මධ්‍යම රාත්‍රියේ සිට...

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...