අද වැසි තත්ත්වයේ වෙනසක් : අගෝස්තු 27 කාලගුණය

Date:

රෂිකා හෙන්නායක අගෝස්තු 27 කොළඹ LNW :

අද (27) දින බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බවත්, වයඹ සහ උතුරු පළාත්වල වැසි ස්වල්පයක් ඇති විය හැකි බවත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

තවද, ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ප.ව. 2න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර, මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බව පැවසේ.

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාව ආශ්‍රිත “දිට්වා” සුළිකුණාටුව පිලිබඳ රතු අනතුරු ඇඟවීම් නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාවර ගිනිකොණ දෙසින් පැවති ගැඹුරු...

අයහපත් කාලගුණය හේතුවෙන් සිදු වූ මරණ ගණන ඉහළට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 27, කොළඹ LNW : නොකඩවා ඇද හැලෙන...

ජාතික උද්‍යාන බොහොමයක් නැවත දැනුම් දෙන තුරු වැසේ!

රෂිකා හෙන්නායක නොවැම්බර් 27, කොළඹ LNW : අධික වැසි සහිත...

පාසල් නිවාඩුව දීර්ඝ වෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 27,කොළඹ LNW : කලින් සැලසුම් කළ...