නීතියට උඩින් හිටපු වික්‍රමසිංහලා, රාජපක්ෂලා, ප්‍රේමදාසලා, චන්ද්‍රිකාලා අපි නීතිය යටට ගෙනාවා – ඇමති බිමල්

Date:

කොළඹ LNW: මෙතෙක් කල් නීතියට උඩින් සිටි වික්‍රමසිංහලා,රාජපක්ෂලා,ප්‍රේමදාසලා,චන්ද්‍රිකාල මේ වන විට නීතිය යටට ගෙනවිත් ඇති බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.

වත්මන් ආණ්ඩුවට ලැබී ඇති ජන වරම අනුව නීතිය සාධාරණව සහ සැමට සමානව පැවතීම තහවුරු කර තිබෙන බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

”උසාවිය ඇප ලබාදෙන්නේ මේ රටේ තියෙන නීතිය අනුව. ඒ නිසා අපි හිතනවා අධිකරණය ඒ නීති රාමුව ඇතුලේ තමයි කටයුතු කරන්නේ. දැන් අපි ආණ්ඩුවක් කරනවා. ඒ ආණ්ඩුවට ජනවරමක් තිබෙනවා. ඒ ජන වරමේ ලොකු කොටසක් තමයි නීතිය සාධාරණව සහ සැමට සමානව පැවතීම. රනිල්ලා, රාජපක්ෂලා කියන්නේ කවදාවත් තමන්ට නීතිය ක්‍රියාත්මක වෙයි කියල හිතපු නැති පිරිසක්. අද ඒකනේ පුදුම වෙලා තියෙන්නේ. මිනිස්සුත් චුට්ටක් පුදුම වෙලානේ. මේ රටේ අප්‍රකාශිත නීතියක් තිබිල තියෙනවා රනිල්ලට උඩින් රාජපක්ෂලාට උඩින්. ප්‍රේමදාසලා නීතියට උඩින්. චන්ද්‍රිකාලා නීතියට උඩින්. අපිට ජනතාව ජනවරමක් දුන්නේ ඔක්කොම නීතිය යටට ගේන්න කියල. ඒක තමයි කරලා තියෙන්නේ. මේ තීන්දුව දෙන අධිකරණ නිලධාරියාට සැලකිය යුතු සමාජ බලපෑමක් ප්‍රෙෂර් එකක් හදනවා. හෙට කොළඹට එන්න කියනවා. අපි බය නැහැ. අපිට ඔය වගේ සිය ගුණයක් ගෙනියන්න පුළුවන්. එහෙම ගෙනියන්න ඕනේ නම්. මෙතන කොළඹට මිනිස්සු ගේන්නේ අධිකරණ නියෝගයක් සම්බන්ධයෙන් මොකක්ද බලාපොරොත්තු වෙන්නේ. රනිල්ලට කොහොමත් පුරුදුයි නඩුකාරයින්ට ගල් ගස්සලා. රාජපක්ෂලාට පුරුදුයි කොහොමත් ශිරාණි බණ්ඩාරනයකලා දවසින් ගෙදර යවල. ඒ තුච්ජ, පරණ ජඩ දේශපාලන සංස්කෘතිය තමයි ගේන්නේ. කෙසේවෙතත් එවැනි අධම යුගයකට රට නැවත ගෙනියන්න දෙන්න එපා කියල ජනවරමක් අපිට තියෙනවා.”

මේ අට්‍ර්හ රටේ කිසිදු ප්‍රශ්නයකට එකතු නොවුණු අය රනිල් වෙනුවෙන් එකතු වෙන බව පෙන්වා එකතු වී සිටින්නේ රනිල් වික්‍රමසිංහට ක්‍රියාත්මක වූ නීතිය තමන් වෙතද පැමිණෙන බවට පවතින විශ්වාසය හේතුවෙන් යැයි ද අමාත්‍යවරයා සඳහන් කරයි.

අමාත්‍යවරයා මෙම අදහස් දක්වා සිටියේ ඊයේ (26) රත්නපුරේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු පොලිස්පති දේශබන්දුට ඇප!

රෂිකා හෙන්නායක අගෝස්තු 27, කොළඹ : සැකපිට රක්ෂිත බන්ධනාගාරගත...

කාසියේ වාසිය සජිත්ට?

උපාලි කොළඹගේ රනිල් වික්‍රමසිංහ මහතාට ඇප ලැබීමත් සමග මහ ගංවතුරක්...

අපරාජිත කොළඹ දකුණට පරාජයක් – චනුල්ගේ තුන් ඉරියව් දස්කම් වලින් මහනුවරට පහසු ජයක්

නිශ්මං රණසිංහ අගෝස්තු 27, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් මෙහෙයවන අවුරුදු...

ටේලර් ස්විෆ්ට් ට මල් ආකරයක වැදුණු මංගල සීනු!

සටහන – පුලී අගෝස්තු 25, කොළඹ (LNW): "Your English teacher and...