පාසල් වෑන් රථයක් අනතුරේ: පාසල් දරුවන් දෙදෙනෙකු ඇතුළු තිදෙනෙකු මරුට!

Date:

රෂිකා හෙන්නායක අගෝස්තු 27, කොළඹ LNW :

පාසල් වෑන් රථයක්, මාදම්පේ – කුලියාපිටිය මාර්ගයේ දුම්මලසූරිය, පල්ලේවෙල ප්‍ර‍දේශයේදී අනතුරට පත් වීමෙන් පාසල් දරුවන් දෙදෙනෙකු ඇතුළු තිදෙනෙකු මියගොස් තිබෙන බව පොලිසීය පවසයි .

මිය ගිය අනෙක් පුද්ගලයා වෑන් රථයේ රියදුරු බවත්, අද පෙරවරුවේ එම අනතුර සිදුවූ බවත් පොලිසීය කියා සිටී.

එලෙස අනතුරට පත්ව තිබුණේ කුලියාපිටිය නගරයේ පාසල්වල ඉගෙනුම ලබන දරුවන් පිරිසක් රැගත් වෑන් රථයක් වන අතර, ඉදිරියෙන් පැමිණ ඇති ටිපර් රථයක, වෑන් රථය මුහුණට මුහුණ ගැටීමෙන් අනතුර සිදුවී ඇති බව වාර්තා වේ.

පොලිසිය සඳහන් කළේ, ටිපර් රථයේ රියදුරුට නින්ද යාම අනතුරුට හේතුව බවට විශ්වාස කරන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනප්‍රිය වූ විමල් ….

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ගතවූ පැය...

විරාට් කෝලි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දෙවන වැඩිම ලකුණු ලාභියා බවට පත්වේ

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 13: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගියදා නවසීලන්තයට එරෙහිව...

ජනාධිපති ට්‍රම්ප් ඉරානය සමඟ ගනුදෙනු කරන සියලුම රටවල් වෙනුවෙන් 25%ක නව තීරු බද්දක් පනවයි

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 13: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානය සමඟ වාණිජ...