ආඬිඅම්බලම ගොවිජන සේවා නිලධාරීන් දෙදෙනෙක් අල්ලස් ගන්න ගිහින් කොටුවෙයි!

Date:

කොළඹ LNW: ආඬිඅම්බලම ගොවිජන සේවා මධ්‍යස්ථානයේ ගොවිජන සංවර්ධන ප්‍රාදේශීය නිලධාරියෙකු සහ කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහයකවරයෙක් අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ජාඇල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙක් සිදුකළ පැමිණිල්ලකට අනුවයි එම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ.

රු. ලක්ෂ තුනක මුදලක් අල්ලසක් ලෙස ලබා ගන්නා අවස්ථාවේදී ආඬිඅම්බලම ගොවිජන සංවර්ධන ප්‍රාදේශීය නිලධාරී කාර්යාලය තුළදී ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත.

පැමිණිලිකරුට අයත් පර්චර්ස් 50ක කුඹුරු ඉඩම,කුඹුරු ඉඩමක් නොවන බවට නිර්දේශ කරගැනීමට සහ එම නිර්දේශය ලැබෙන තුරු අදාළ ඉඩම කුඹුරු ඉඩමක් නොවන බවට සහතික කර ලිපියක් ලබාදීමට සැකකරුවන් රු. ලක්ෂ තුනක අල්ලස් මුදලක් ඉල්ලා තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන සැප්තැම්බර් 02 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජ.වි.පෙ.ට මොකද වුණේ ….?

මම තවදුරටත් ජ.වි.පෙ. මතවාද කරගහගෙන යන්නෙක් නොවුනත් වීරවංශව පක්ෂයෙන්...

මොඩියුල සිද්ධියෙන් දරුවන්ට කිසිදු හානියක් වුණේ නෑ. හරිනි වෙනුවෙන් රටේම කාන්තාවන් පාරට බස්සනවා – සමන්මලී

සටහන - රුවන් නෙළුගොල්ල අධ්‍යාපන ප්‍රතිසංස්කරනයේදී හඳුන්වාදුන් මොඩියුල පොතක දරුවන්ට...

වැසි තත්වයේ වෙනසක් – අද (13) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 12) දිනයේදී උතුරු ,...

නීතීඥ ජගත් ලියනාරච්චි තොරතුරු දැනගැනීමේ කොමිසමෙන් ඉල්ලා අස්වෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ කොමිෂන් සභාවේ...