වෙළෙඳ ඇමතිගේ බිත්තර ගැසට්ටුව ඇමති අමරවීර රිවස් කරයිද? (VIDEO)

Date:

බිත්තර නිෂ්පාදකයින් මෙන්ම පාරිභෝගිකයින් පිළිබඳව ද සලකා බලා රු. 50ක වැනි සිල්ලර මිලකට බිත්තරයක් අලෙවි කිරීමේ අවසරය ලබා දීම සුදුසු වන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (27) බිත්තර නිෂ්පාදකයින් හා අමාත්‍යවරයා අමතර පැවති සාකච්ජාවේදීය.

ඒ අනුව පාරිභෝගික අධිකාරිය ඉදිරි දිනවලදී වැටලීම් කරන විට රු.50ට වැඩියෙන් අලෙවි කරන්නන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීම කළ යුතුවන බවයි අමරවීර මහතා පැවසුවේ.

එමෙන්ම ඉදිරි සතියේදී වෙළෙඳ අමාත්‍යවරයා සමඟද සකාච්ජා කර බිත්තර වලට සහතික මිලක් නියම කිරීමට කටයුතු කරන බව හෙතෙම කියාසිටියේය.

බිත්තර ආනයනය කිරීම සාධාරණ නැති අතර මෙරට නිෂ්පාදකයින් හරහාම එම අවශ්‍යතාව සපුරාගත යුතුවන බවද අමාත්‍යවරයා පවසන ලදී.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යුරෝපීය රටවල විවිධාකාර සංස්කෘතීන් මධ්‍යයේ ගලා යන ගංගා රැජිණිය “ඩැනියුබ්”!

සටහන – පුලී දෙසැම්බර් 10, කොළඹ (LNW): ඩැනියුබ් ගඟ යුරෝපයේ...

ආපදා සහන ලබා ගන්නේ කොහොමද?

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: ආපදා සහන කටයුතු වෙනුවෙන් අවශ්‍ය විශේෂ...

නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු දිවුරුම් දෙයි!

අද (10) පෙරවරුවේ, අභියාචනාධිකරණ විනිසුරු කේ. එම්. ගිහාන් හිමාන්ශු...