මාලිමා රජය යටතේ ගොවියාට ලැබෙන්නේ කුඩම්මාගේ සැලකිල්ලයි – විපක්ෂ නායක සජිත්

ගොවිතැනේ නියැලී සිටින ජනතාවට වත්මන් රජය ලබා දෙන්නේ කුඩම්මාගේ සැලකිල්ලක් බවත් අද රටේ දරු පරපුර, යොවුන් පරපුර, මව් පරපුරු බරපතළ පීඩනයකට අසහනයකට ලක්වන බවත් ගොවි ධීවර කම්කරු ජනතාවගේ අයිතිවාසිකම් මේ රජය උදුරා ගෙන ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ මැදවච්චිය ආසනයේ ඇලවක ප්‍රදේශයේ පැවැති සමගි ජන බලවේගයේ සාමාජික ප්‍රවර්ධන ජන හමුවක් අමතමිනි.

එදා ගොවිතැනට ප්‍රමුඛස්ථානය ලබා දෙනවා කියා ජනතාවට පොරොන්දු රාශියක් ඉදිරිපත් කළත් මේ වන විට සමස්ත ජනතාවට වුණු පොරොන්දු සියල්ල මේ රජය අමතක කර ඇති බවත් 33%කින් විදුලි බිල අඩු කිරීම, වරායේ ගොඩබාන මිලට ඉන්ධන ලබා දීම, ලක්ෂ 12කට විට්ස් කාර් එකක්, අඩු මිලකට මෝටර්සයිකලයක් ලබා දෙනවා ආදී පොරොන්දු රැසක් දුන්නත් ඒ කිසිදු පොරොන්දුවක් අද ඉටු කර නැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ආණ්ඩුවේ ඇවිදින පුස්තකාලවලට ජනතා ගැටලුවලට විසදුම් දෙන්න බැරි වෙලා

මේ වන විට රටෙන් 30-40%ක් දුප්පතුන් බවත් කර්මාන්තශාලා අද වැසී ගොස් විදේශ රටවල ආරම්භ වීම නිසා රැකියා අහිමිවීම සිදුවන බවත් රටට සෘජු විදේශ ආයෝජන නොලැබෙන තැනට රට පත්ව ඇති බවත් මේ නිසා ලක්ෂ 220ක් ජනතාව අසරණ වී ඇති බවත් මේ වන විට රටේ වන අලි මිනිස් ගැටුම බහුල වුවත් ඇවිදින පුස්තකාල ඉන්න රජයටවත් එය පාලනය කරන්න විසඳුම් දෙන්න නොහැකි වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දිවයින පුරා හදිසි විදුලි බිඳවැටීමක්

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 17, කොළඹ LNW : දිවයින පුරා හදිසි...

ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට මත්ද්‍රව්‍ය ජාවාරමක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 17, කොළඹ LNW : ඉන්දියාවේ සිට මුහුදු...

කාඩ්පත් හිඟයක් : රියදුරු බලපත්‍ර 673,000ක් මුද්‍රණය කිරීම අත්හිටුවයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 17, කොළඹ LNW : මුද්‍රණ යන්ත්‍ර සහ...

ජනාධිපති ට්‍රම්ප්ගේ මාධ්‍ය ලේකම් කේටි සකාරියා දින පහක සේවා කාලයකින් පසු ධූරයෙන් ඉවතට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 17 : අමෙරිකානු...