සටහන – රෂිකා හෙන්නායක
කොළඹ (LNW): දූෂණ විරෝධී පනත සම්මත වුව ද ඊට අදාළ රෙගුලාසි රැසක් සකස් කළ යුතුව ඇති බවත් , පණත බලාත්මක කිරීමට තවත් මාස 02 කාලයක් ගත වන බවත් අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.
එම කටයුතු මේ දිනවල සිදුවෙමින් පවතින බවයි අමාත්‍යවරයා සඳහන් කළේ, පනත බලාත්මත වීමත් සමග අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව, නව පනතේ බලතල ප්‍රකාරව ක්‍රියාත්මක වන බවද අමාත්‍යවරයා පැවසීය .
පසුගිය ජූලි 19 වැනිදා ඡන්ද විමසීමකින් තොරව, සංශෝධන සහිතව දූෂණ විරෝධී පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී සම්මත විය.
රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??