ජාතික ක්‍රීඩා තරගාවලියේ උස පැනීමේ කාන්තා තරගයේ රන් පදක්කම වයඹ පළාතේ 16 හැවිරිදි කෂ්මිකා ජයරත්න දිනා ගත්තාය.
මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටින කෂ්මිකා ඉදිරියේ දෙවැනි වූයේ කෂ්මිකාට ආසන්න වයසක දියණියක සිටින මධ්‍යම පළාත නියෝජනය කළ මධුශානි සූරියගම්පොළය.ඇය ආසන්නයේ පැවති ජාතික මලල ක්‍රීඩා සූරතාවලියේ උස පැනීමේ ජයග්රාහිකාවය.
කෂ්මිකාගේ පුහුණුකාරිය වන්නේ මේ වන විටත් උස පැනීමේ ජාතික වාර්තාවට හිමිකම් කියන,දකුණු ආසියාතික ක්‍රීඩා උළෙලේ උස පැනීමේ රන් පදක්කම දිනා ඇති ප්‍රියංගිකා මධුමන්තිය.
සටහන – නිෂ්මං රණසිංහ