අක්ෂි කාච ගිඟයක්, වැඩි මිලට හදිසියේ මිල දී ගැනීමට සැලසුමක්

Date:

දැනට දිවයින පුරා පිහිටි අක්ෂි රෝහල්වල වෛද්‍ය සැපයුම් අංශයෙන් ලබා දුන් අක්ෂි කාච සහ පරිත්‍යාග වශයෙන් ලැබුණු අක්ෂි කාච පමණක් තිබෙන බව එම අංශය ප්‍රකාශ කරයි.

දිවයින පුරා පිහිටි රෝහල්වලට මසකට අක්ෂි කාච පහළොස්දහසක් පමණ සැත්කම් සදහා අවශ්‍ය වේ.

අක්ෂි කාච වර්ග 9ක් වෛද්‍ය සැපයුම් අංශය විසින් රෝහල්වලට බෙදා හරින අතර කිසිදු අක්ෂි කාචයක් වෛද්‍ය සැපයුම් අංශය සතුව නොමැති වීම නිසා ඉදිරියේදී දැඩි හිගයක් මතු විය හැකි බවද එම අංශය සෞඛ්‍ය අමාත්‍යාංශයට දැනුම් දී ඇත.

මෙම හිගයට හේතු වී ඇත්තේ නිසි පරිදි ටෙන්ඩර් කිරීමක් සිදු නොකළ අක්ෂි කාච ටෙන්ඩරයක් තාවකාලිකව නතර කර සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත විසින් කළ නියෝගයකට අනුව විමර්ශන ආරම්භ කිරීමයි.

මෙම විමර්ශනය අතිරේක ලේකම් විශේෂඥ වෛද්‍ය සමන් රත්නායකගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ.

කෙසේ වෙතත් විවිධ ටෙන්ඩර මගඩි හේතුවෙන් සහ විවිධ ටෙන්ඩර මගඩි සිදු කිරීම සඳහා, ටෙන්ඩර අවලංගු කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ විලාසිතාවක් වී ඇති අතර, ඒ හේතුවෙන් නිතර නිතර සාමාන්‍ය මිලදී ගැනීම් ඉවත දමමින් හදිසි මිලදී ගැනීම් සඳහා පාර කපා ගැනීමද තාක්ෂණික මාෆියාවක් බවට පත්ව තිබේ. ඒ අනූව, අක්ෂි කාච හදිසි මිලදී ගැනීමේ තීරණයද ඉදිරි දින කිහිපය ඇතුලත සුජාතකරණය වීම අනිවාර්ය වන අතර, ඒ හේතුවෙන් වැඩි මිලට අක්ෂි කාච මිල දී ගැනීමට සිදු වීම හේතුවෙන් හානිවන විශාල මුදල් කන්දරාව සඳහා වග කිවයුත්තෙක් පවා සොයා ගැනීමට නොහැකි වණු ඇත.

රවී කුමුදේශ්
සභාපති
සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය


Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2025 වසරේ ගුවන්ගමන් වාරවල 16%ක වර්ධනයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2024 වසරට සාපේක්ෂව 2025...

මන්ත්‍රී විශ්‍රාම වැටුප ගැන ⁣කරු, ආණ්ඩුවෙන් කළ ඉල්ලීම!

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ විශ්‍රාම වැටුප් කප්පාදුවට රජය ගෙන ඇති...

ඌවට වෙරළක්..

  නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: මෙවර ජාතික ක්‍රීඩා උළෙලේ වෙරළ...

විපක්ෂයේ කණ්ඩායමක් ස්වාධීන වෙන්න යනවාලු !

ලබන සතියේ පාර්ලිමේන්තුව රැස්වෙද්දී විපක්ෂයේ කණ්ඩායමක් ස්වාධීන වෙන්න යනවා...