ඔය අපේක්ෂකයින්ගේ වත්කම් ප්‍රකාශ බොරු. ඔය ඔක්කොම කළු ආර්ථිකයේ ඉන්න පල් හොරු – දිලිත්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ජනාධිපතිවරණයේ ප්‍රධාන පෙළේ අපේක්ෂකයින් සියලුම දෙනා පාහේ ඔවුන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශවලින් ඉදිරිපත් කර ඇත්තේ අසත්‍ය තොරතුරු බවත් ඔවුන් ආදායම් බදු නොගෙවා කළු ආර්ථිකයක කොටස්කරුවන් බවට පත්ව සිටින බවත් ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂක දිලිත් ජයවීර මහතා පවසයි.

“මම දැක්කා ජනාධිපති අපේක්ෂකවරුන්ගේ මාසික ආදායම. අපිට දුක හිතුණා. හරිම පව්. ඒගොල්ලන් මාසෙට රුපියල් ලක්ෂෙන් දෙකෙන් ජීවත් වෙන්නෙ. ඕගොල්ලන්ටත් ජීවත් වෙන්න බැරි ගාණකින් ඒගොල්ලන් ජීවත් වෙන්නෙ. මම අභියෝග කරනවා ඔය ඉන්න හතර පස් දෙනාටම එක මල්ලේ දාලා කියන්නෙ, එක තඹ සත පහක් බදු වශයෙන් ගෙවලාත් නෑ. ඔය රුපියල් ලක්ෂ දෙකෙන් ජීවත් වෙනවා, ලක්ෂ තුනෙන් ජීවත් වෙනවා කියපු ඔක්කොම කළු ආර්ථිකයේ ඉන්න පල් හොරු රැලක්. මම බලාපොරොත්තු වෙනවා අපේ ජනාධිපතිතුමා ළඟදී විශ්‍රාම ගියාම ඒකෙන් පස්සේ එතුමාට අපි පාරිතෝෂික දීමනාවක් මං ගාණෙ පෞද්ගලිකව මගෙන් දෙන්න. පව්නෙ. කොහොමද ලක්ෂ දෙකෙන් ජීවත් වෙන්නෙ ? බයිසිකලේකට පෙට්‍රල් ගහගන්නවත් බෑ. මේවා විහිළු”

දිලිත් ජයවීර මහතා මේ බව පැවසුවේ පසුගියදා අනුරාධපුර ප්‍රදේශයේ පැවති ප්‍රචාරක රැලියක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“නඩු අත්හැරීමේ කතා අසත්‍යයි” – නීතිපතිවරයාගෙන් දැඩි ප්‍රතික්ෂේපයක්

“නඩු අත්හැරීමේ කතා අසත්‍යයි” – නීතිපතිවරයාගෙන් දැඩි ප්‍රතික්ෂේපයක්

සීතලෙන් බැඳි යදම් බිඳ,තමන්ට කියා සංගමයක් නැති මලල ක්‍රීඩක ක්‍රීඩිකාවෝ නව ජාතික වාර්තා තබති

නිශ්මං රණසිංහ පෙබරවාරි 08, කොළඹ LNW: ආසියානු ගෘහස්ථ මලල ක්‍රීඩා...

කිරුළපන ගජබා ක්‍රීඩා සමාජයෙන් පුංචි පාපන්දු ක්‍රීඩකයන්ට ලොකු වැඩක්

නිශ්මං රණසිංහ පෙබරවාරි 08, කොළඹ LNW: කිරුළපන ගජබා ක්‍රීඩා සමාජය...

ජනාධිපති අරමුදලේ ඇතිවූ වෙනස!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW: ජනාධිපති අරමුදල ප්‍රාදේශීය ලේකම්...