*
Wednesday, October 2, 2024
spot_img

Latest Posts

මෙරෝන් පමණක් දෙවන වටයට

සටහන – නිශ්මං රණසිංහ
අගෝස්තු 28, (LNW) කොළඹ :

පේරු රාජ්‍යයේ ලීමා හී පැවත්වෙන අවුරුදු 20 න් පහළ ලෝක මලල ක්‍රීඩා සූරතාවලියේ දී මීටර් 100 ඉසව්ව නියෝජනය කළ මෙරෝන් විජේසිංහ අවසාන පූර්ව තරග වටය සඳහා සුදුසුකම් ලබන්නට සමත් වුණා.ඔහු පිරිමි මීටර් 100 ඉසව්වේ සිව්වන මූලික තරගයේ දෙවැන්නා වෙමින් අවසාන පූර්ව වටයට සුදුසුකම් ලබා ගනිද්දි එම මූලික තරගයේ පළමු ස්ථානය තත්පර 10.48 න් නිමා කළ නයිජීරියාවේ ඔකෝන් ඊශ්‍රායෙල් සන්ඩේට හිමි වුණා.මෙරේන් තරගයට පෙරාතුව එයට සහභාගි වූ ක්‍රීඩකයින් වාර්තා කර තිබූ කාලය අනුව පසුපසින් සිටියත් මේ තරගයේ දී සමස්තයක් වශයෙන් හොඳ කාලයක් වාර්තා නොවුණු අතර දෙවන ස්ථානය ලබා ගත් මෙරෝන් වාර්තා කළ කාලය දැක් වුණේ තත්පර 10.55 ක් ලෙසයි.


මීටර් 100 නියෝජනය කළ ශ්‍රී ලංකාවේ දිනෙත් වීරරත්න සහභාගි වූ හයවන මූලික තරගයේ දී සහ්භාගි වූ තරගකරුවන් අතර ඉදිරියෙන් සිටියා පමණක් නොව ඔහු මෙරොන්ට වඩා හොඳ කාලයක් වාර්තා කර තිබීමද යන්න මත විශාල බලාපොරොත්තු ඇති කර ගත්තත් ඔහු මීටර් 100 තත්පර 10.72 න් නිමා කර තම මූලික තරගයේ පස්වැන්නා වුණා.


මේ අතර දුර පැනීමේ යෙදෙන මධුශානි හේරත්ට බලාපොරොත්තුව සිටි දස්කම් අහළකටවත් ළගා වීමට හැකි වුණේ නැහැ.ඇය ඉදිරිපත් වූ දුර පැනීමේ තරගයේ දී අවසාන තැනට පත් වූ අතර වාර්තා කරන්නට හැකි වූයේ මීටර් 5.18 ක් පමණයි.මේ තත්ත්වයට රටක් හැටියට මේ ලොවක් දිනන්නට යන පිරිසට නිවැරදිව අදාළ අංශ එක්ව සහයෝගය දැක් වූවේද යන්න පිළිබඳව කල්පනා කළ යුතුයි.ගුවන් ටිකට් පත් ලබා ගැනීමේ ප්‍රමාදයේ සිටම මේ තිදෙනා පළමු දවස වෙනුවෙන් කල් ඇතුව සූදානම් කර යැව්වද තූර්කියේ විශාල ගැටළු ගණනාවකට මුහුණ දෙන්නට සිඳු වුණා.නිදිවර්ජතිව පහසුකම් නොමැතිව රැයක් ගෙවන්නට සිඳු වූ පීඩනය,අපහසුව මෙරොන් අපහසුවෙන් ජය ගනිමින් සහ දරා ගනිමින් මේ කණ්ඩායමට නායකත්වය දෙන්නට තෝරා ගැනීමට සාධාරණය ඉටු කළත්,හෙට වෙනුවෙන් අද වගකීම රටක් හැටියට මේ ක්‍රීඩකයින් වෙනුවෙන් ඉටු කිරීමට අපොහොසත් වූ බව ක්‍රීඩා අමාත්‍යංශයේ සිට වගකීම් සහගත සියල්ල පිළිගත යුතු වෙනවා.


අද දිනයේ දී ශ්‍රී ලංකාවට ඉහළින් බලාපොරොත්තු තබා ගත හැකි අවුරුදු 18 න් පහළ යොවුන් මලල ක්‍රීඩා සූරතාවලියේ දී ශ්‍රී ලංකාවට රිදී පදක්කමක් ගෙන දුන් අයෝමාල් අකලංක තරග බිමට පිවිසෙනනා.මීටර් 400 කඩුලු තරගයේ දෙවන මූලික තරගයට සහභාගි වන අකලංක 8 වන මංතීරුවේත්,මේ තරගයට සහභාගි වන පිරිස අතර ඔහුට වඩා හොඳ කාලයක් වාර්තා කර තිබෙන ක්‍රීඩකයා වන ජැමෙයිකාවේ ඩැනියල් රයිට් 9 වන මං තීරුවේත් තරග කරන බැවින් අකලංකට අවසන් පූර්ව වටයට පිවිසෙන්නට මෙන්ම හොඳ කාලයක් වාර්තා කරන්නටත් අවස්ථාව තිබෙනවා.
තරුෂ මෙණ්ඩිස් සහ ලෙසඳු අර්ථවිදු උස පැනීමේ තරග ඉසව්වේ සුදුසුකම් ලැබීමේ තරගයට බී කාණ්ඩය යටතේ තරග වඳිනවා.එසේම මීටර් 400 කාන්තා තරගයට ඉදිරිපත් වන ජිත්මා විජේතුංග එම ඉසව්වේ පළමු මූලික තරගයට මං තීරු අංක 7 සිට තරග වඳින්නට සූදානමින් සිටිනවා.ජාත්‍ය කිරුළු මීටර් පිරිමි මූලික තරග වටයේ සිව්වන මූලික තරගයට මුහුණ දෙන අතර එම තරගය මූලික තරගවටයේ අති දක්ෂයන් සමඟ වන තරගයක් බැවින් ජාත්‍යට ඉතා හොඳ අවස්ථාවක් තමන්ගේ ඉහළම දස්කම පෙන්වීම සඳහා ලැබී තිබෙනවා.


එසේම මධුශානි හේරත් ද අද නැවතත් ඇයගේ තුන් පිම්ම ඉසව්ව වෙනුවෙන් පිටියට පිවිසෙන්නට නියමිතව සිටිනවා.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan