ජනතාවගෙන් සමාව ගත් ඇමති අලි සබ්රි!

Date:

රෂිකා හෙන්නායක අගෝස්තු 28, කොළඹ (LNW):

මේ වනවිට අර්බුධකාරී තත්ත්වයක් මතුව ඇති විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේදී ඇතිව තිබෙන ප්‍රමාදය සම්බන්ධයෙන් රජයේ අමාත්‍යවරයෙකු ලෙස තමා ජනතාවගෙන් සමාව ඉල්ලන බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි පවසයි.

අද සිට දෛනිකව විදෙස් ගමන් බලපත්‍ර දහස බැගින් නිකුත් කිරීමට පියවර ගන්නා බව මේ අතර ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසන අතර, විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීමේ අපේක්ෂාවෙන් බත්තරමුල්ල ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය අසළ පිරිස් රැඳී සිටින්නේ දින ගණනාවක සිටය.ඒ අතරින් බොහෝදෙනා ඊයේ රාත්‍රියද එම ස්ථානයේම පහන් කළ බව වාර්තා වේ. 

මෙලෙස දින ගණන් රැඳී සිටින පිරිස් වෙත ටෝකන් පත් ලබාදීමට පියවර ගැනුණු අතර,දෙපාර්තමේන්තුව සතු හිස් විදෙස් ගමන් බලපත්‍ර සීමිත බැවින් බලපත්‍ර නිකුත් කිරීම සීමා කිරීමත් සමග ආගමන විගමන දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට මෙලෙස පෝලිම් නිර්මාණය වුණි.

නව ඉලෙක්ට්‍රොනික විදේශ ගමන් බලපත්‍රය හඳුන්වාදෙන තෙක් ඔක්තෝබර් මාසය දක්වා එම තත්ත්වය පවතිනු ඇති බැවින් අත්‍යාවශ්‍යම හේතුවක් මත පමණක් විදේශ ගමන් බලපත්‍ර අයදුම් කරන ලෙස දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලීමක් කළේ එවන් පසුබිමක වන අතර, එම ඉල්ලීම් නොතකමින් අද පෙරවරුවේත් තවත් පිරිස් එම ස්ථානයට පැමිණ සිටි බව දක්නට ලැබින.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නේපාලයේ හිම කඳු කඩා වැටීමෙන් කඳු නගින්නන් හත් දෙනෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 04: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඊසානදිග නේපාලයේ...

මම්දානි ජයග්‍රහණය කළහොත් නිව්යෝර්ක් නගරයට ෆෙඩරල් අරමුදල් සැපයීම නවතා දමන බව ජනාධිපති ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 04: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපදයේ...

විදෙස් ගමන් තහනමක් සමඟ රත්වත්තේ ඇප මත නිදහස්!

කොළඹ LNW: අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විසින්...

හිටපු ඇමරිකානු උප ජනාධිපති ඩික් චෙනී මිය යයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 04: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපදයේ...