*
Tuesday, October 1, 2024
spot_img

Latest Posts

අපි මේ රටේ ආර්ථිකය හදනවා, ගමේ ආර්ථිකය හදනවා, පොඩි මනුස්සයාගෙ ආර්ථිකය හදනවා – නාමල්

සටහන – රුවන් නෙළුගොල්ල

රටේ ජනතාවට දැරිය හැකි බදු ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක විය යුතුයැයි තමන් විශ්වාස කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

“අපි කවදාවත් රටට අහිතකර දේශපාලන තීන්දුවක් අරගෙන නෑ. මං හිතනවා මට තියෙන වගකීම සහ අභියෝගය තමයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මේ රටේ සංවර්ධනය නවත්තපු තැනින් රට ඉස්සරහට අරන් යන්නෙ කොහොමද කියන කාරණය. අද කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයාට හරි අමාරුයි. අසීමිත අසාධාරණ බදු ප්‍රතිපත්තියක් වර්තමාන ආණ්ඩුව ක්‍රියාත්මක කරනවා. එදා ගෝඨාභයගේ ආණ්ඩුවෙන් අපි බදු අඩු කළා. අපට චෝදනා කරා. අපි අදත් විශ්වාස කරනවා මේ රටේ ජනතාවට දැරිය හැකි බදු ප්‍රතිපත්තියක් අපි ක්‍රියාත්මක කරන්න ඕනෙ කියලා. අපි මේ රටේ ආර්ථිකය හදනවා. ගමේ ආර්ථිකය හදනවා. පොඩි මනුස්සයාගෙ ආර්ථිකය හදනවා. ඔබ වෙනුවෙන් මේ රටේ ආර්ථිකය ගොඩනගන්න ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සූදානම් කියන එකත් මං තමුන්නාසෙලාට මතක් කරනවා”

නාමල් රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ ඊයේ (27) මාවතගම ප්‍රදේශයේ පැවති ප්‍රචාරක රැලියක් අමතමිනි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan