අද (28) දවසේ තද වැසි ලැබෙන සහ හිරු මුදුන් වන ප්‍රදේශ මෙන්න

සටහන – රුවන් නෙළුගොල්ල

අද (අගෝස්තු 28) දිනයේදී බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

සබරගමුව පළාතේත් නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැක.

වයඹ පළාතේත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැක.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද, බස්නාහිර සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (40-50) ක පමණ තද සුළං ඇතිවිය හැක.

තද සුළං වලින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේදී, අගෝස්තු මස 28 වන දින සිට සැප්තැම්බර් 07 දක්වා ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශ වලට සෘජුවම ඉහලින් පවතී. අද දින (අගෝස්තු 28) දහවල් 12:11 ට නාගදීපය (නයිනතිව්), පුනරීන් , මානෙල්කාඩු, අලියාවලෙයි ප්‍රදේශවලට හිරු මුදුන්ව පවතී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුවන්ඩාවේ F1 තරගයක් පැවැත්වීම ගැන ලුවිස් හැමිල්ටන්ගෙන් ප්‍රකාශයක්

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ):මානව හිමිකම් ගැටලු සම්බන්ධයෙන් මතුව...

ප්‍රංශයේ වෙඩි තැබීමක් – එක් අයෙක් මරුට, සිව් දෙනෙකුට තුවාල

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ): පැරිස් නගරයට බටහිරින් පිහිටි...

රුසියාවේ පළමු ඩීසල් තොගය ඇමරිකාව බලා පිටත් වේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : රුසියාවෙන්...