ගුවන් හමුදාවෙන් අනතුරු ඇඟවීමක්!

Date:

රෂිකා හෙන්නායක අගෝස්තු 28, කොළඹ ;:

පවතින සුළං සහ පාරසරික හේතු මත මෙම දිනවල ප්‍රචලිතව පවතින සරුංගල් යැවීම නිසා සිදුවිය හැකි ගුවන් අනතුරු සම්බන්ධව ගුවන් හමුදාවෙන් අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.

ගුවන් හමුදාව සඳහන් කරන්නේ, මේ අනුව ගුවන් ධාවන පථ ආසන්න ප්‍රදේශවල මෙම සරුංගල් යැවීම ඉතා අවදානම් සහගත කාරණක් බවයි

එමෙන්ම ලොව පුරා සිදුවන ගුවන් අනතුරුවලට ප්‍රධාන හේතුවක් ලෙස ගුවන් ධාවන පථ සමීප ප්‍රදේශවල සරුංගල් යැවීම සඳහන් කළ හැකි බව ඔවුන් ප්‍රකාශ කරති.

ගුවන් හමුදාව වැඩිදුරටත් සඳහන් කරන්නේ, ගුවන් යානා පියාසර කිරීම සඳහා සරුංගල් යැවීම සෘජුව බලපාන බාධකයක් සේම කටුනායක, රත්මලාන, හිඟුරක්ගොඩ, චීනවරාය, පලාලි, කටුකුරුන්ද, කොග්ගල, වව්නියා, වීරවිල සහ මත්තල වැනි ප්‍රදේශවල ඇති ගුවන් ධාවන පථ සමීපයේ බහුලව සරුංගල් යැවීම දැඩි අවධානම් සහගත කරුණක් බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යුක්රේනයේ කියෙව් වෙත එල්ල කරන ලද රුසියානු ප්‍රහාර හේතුවෙන් බ්‍රිතාන්‍ය කවුන්සිලයේ සහ යුරෝපා සංගම් කාර්යාලවලට බරපතල හානි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 28: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊයේ(27)රාත්‍රියේදී රුසියාව විසින්...

මහජන යුද ජයග්‍රහණ අනුස්මරණ උත්සවයට සූදානම් වන චීනය!

කොළඹ LNW:ජපන් ආක්‍රමණයට එරෙහි චීන මහජන යුද්ධයේ සහ ලෝක...

හෙට දින අනිවාර්යයෙන්ම අධිකරණය හමුවේ පෙනී සිටින බව රාජිතගෙන් පොරොන්දුවක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 28, කොළඹ LNW: තමන්ව අත්අඩංගුවට ගැනීම සඳහා...

ගුරු විභාගයට වයස් සීමාව සංශෝධනය කිරීමේ එකඟතාවක්!

කොළඹ LNW:2021වසරෙන් පසු ගුරු වෘත්තීය සඳහා බඳවා ගැනීම් සිදු...