යුක්රේනයේ කියෙව් වෙත එල්ල කරන ලද රුසියානු ප්‍රහාර හේතුවෙන් බ්‍රිතාන්‍ය කවුන්සිලයේ සහ යුරෝපා සංගම් කාර්යාලවලට බරපතල හානි

Date:

සටහන: සශිකලා මධුෂාණි

අගෝස්තු 28: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊයේ(27)රාත්‍රියේදී රුසියාව විසින් යුක්රේනයේ කියෙව් වෙත එල්ල කරන ලද ප්‍රහාර හේතුවෙන් 17 දෙනෙකු මියගොස් බ්‍රිතාන්‍ය කවුන්සිලය සහ යුරෝපා සංගම් මෙහෙයුම් ගොඩනැගිලිවලට විශාල වශයෙන් හානි සිදුව ඇති බව වාර්තා වේ.

ප්‍රහාරවලින් පසු එක්සත් රාජධානියේ විදේශ ලේකම් ඩේවිඩ් ලැමී තහවුරු කර තිබුණේ, බ්‍රිතාන්‍ය රජය එක්සත් රාජධානියේ විදේශ කාර්යාලයේ රුසියානු තානාපතිවරයාවන ඇන්ඩ්‍රි කෙලින් කැඳවා ඇති බවත්, ඝාතනය සහ විනාශය නතර කළ යුතු බවත්ය.

යුරෝපා සංගමයද තම රුසියානු නියෝජිතයා ද කැඳවන බව එම කණ්ඩායමේ විදේශ ප්‍රතිපත්ති ප්‍රධානී කජා කල්ලස් ප්‍රකාශ කර ඇති අතර තානාපතිවරයෙකු කැඳවීම යනු රටකට තම කෝපය වෙනත් රටකට දැනීමට අවශ්‍ය වූ විට ඇති රාජ්‍ය තාන්ත්‍රික ක්‍රමවේදයකි.

යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් සඳහන් කරමින් මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණේ, මොස්කව් සාකච්ඡා මේසය වෙනුවට බැලිස්ටික් මිසයිල තෝරා ගෙන ඇති බවයි. එක්සත් රාජධානියේ අගමැති කියර් ස්ටාමා ද මේ සම්බන්ධයෙන් සඳහන් කර තිබුණේ ද රුසියාවේ අඥාන ප්‍රහාර සාමයේ බලාපොරොත්තු කඩාකප්පල් කරන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මේකෙන් මුදල් නාස්ති වීමක් වෙලා නෑ. එක මොඩියුලයයි නෙ – මන්ත්‍රී සුරවීර

සටහන - රුවන් නෙළුගොල්ල නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේදී ආණ්ඩුව එක් පියවරක්...

NPP ලේබලයෙන් ගෙනෙන රනිල් – ගෝඨා අධ්‍යාපන ප්‍රතිපත්ති එපා – කොටුවේ විරෝධතාවක් (PHOTOS)

කොළඹ LNW:NPP ලේබලයෙන් ගෙනෙන රනිල් - ගෝඨා අධ්‍යාපන ප්‍රතිපත්තිය...

Your Shot Challenge හි හොඳම ඡායාරූප කිහිපයක්! ඇස් වලින් දැක, විඳින්න.

සටහන – පුලී ජනවාරි 14, කොළඹ (LNW):  ඉඳහිට හිතට අල්ලන...

එක්සත් ජනපදය හා ඉරානය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ඇනහිටියි

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ ක්‍රියාත්මක වන...