මේ රජය කරන්නේ සංවර්ධනය නොව මර්ධනයයි – නාමල්

Date:

රෂිකා හෙන්නායක අගෝස්තු 28 , කොළඹ LNW:

සියළුම රණවිරුවන්ට වෘත්තිය සමිතිවලට,රාජ්‍ය සේවකයින්ට හා ජාතික බලවේගවලට රණවිරු දඩයමට වෘත්තිය සමිති මර්ධනයට එරෙහි වීමට පෙල ගැසෙන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.


රණවිරුවන් දඩයම් කිරීමට තමා සම්පූර්ණයෙන්ම විරුද්ධ බවත්, රණවිරුවන් දඩයම් කිරීමත් වෘත්තිය සමිති වලට බලපෑම් කිරීම හා මර්ධනය කිරීමට මෙම රජය අසාර්ථක උත්සාහයක නිරතවන බවත් තමා රණවිරුවන් දඩයම් කිරීමට හා වෘත්තිය සමිති මර්ධනයට සැමදා විරුද්ධ වූ බවත් නාමල් රාජපක්ෂ කියා සිටී.

විශේෂයෙන්ම වර්තමානයෙහි ආණ්ඩුව සිදු කරන්නේ සංවර්ධනය නොව මර්ධනය බවද පැවසූ නාමල් රාජපක්ෂ මහතා , ආණ්ඩුව සිදු කරන මේ මර්ධනයන්ට මුහුණදීමට තමන් හොද සූදානමකින් පසුවන බවත් පැවසීය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ අද දින නෙළුම් මාවතේ වෘත්තිය සමිති මුණගැසුණු අවථාවකදීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නව ත්‍රස්ත විරෝධී පනත සැප්තැම්බරයේදී එයි!

කොළඹ LNW:නව ත්‍රස්ත විරෝධි පනත කෙටුම්පත් කිරීම සම්බන්ධයෙන් අමාත්‍ය...

යුක්රේනයේ කියෙව් වෙත එල්ල කරන ලද රුසියානු ප්‍රහාර හේතුවෙන් බ්‍රිතාන්‍ය කවුන්සිලයේ සහ යුරෝපා සංගම් කාර්යාලවලට බරපතල හානි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 28: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊයේ(27)රාත්‍රියේදී රුසියාව විසින්...

ගුවන් හමුදාවෙන් අනතුරු ඇඟවීමක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 28, කොළඹ ;: පවතින සුළං සහ...