දැනට පවතින ඉන්ධන පෝලිම් අඩුකිරීමට තවත් පියවරක් …

දැනට පවතින ඉන්ධන පෝලිම් අඩුකිරීම සඳහා ඉදිරි දින තුන තුළ සියලුම ඉන්ධන වර්ගවල අතිරේක තොග බෙදාහැරීමට කටයුතු කරන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

ගොඩබෑමේ ප්‍රමාදයන්, බෙදාහැරීමේ අඩුපාඩු, පිරවුම්හල් විසින් ඇනවුම් සඳහා ගෙවීම් කිරීමට ප්‍රමාද වීම යන හේතූන් දිගු ඉන්ධන පෝලිම් නිර්මාණය වීමට බලපා ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

ඒ අනුව ඉන්ධන බෙදාහැරීම සමාලෝචනය කිරීමෙන් අනතුරුව දිවයින පුරා අතිරේක ඉන්ධන තොග බෙදාහැරීමට කටයුතු කරන බවත් එහෙයින් ඉදිරි දින දෙක තුළ ක්‍රමානුකූලව දැනට පවතින ඉන්ධන පෝලිම් අඩුවනු ඇති බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බංග්ලාදේශයේ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය ඉන්දියාව අභිබවා යනු ඇතැයි පුරෝකථනය කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 25: ජාත්‍යන්තර...

ඉරාන නාවිකයන් සඳහා කළ මානුෂීය මෙහෙයුම අවසන්: නාවිකයන් තම මව් රට බලා පිටත්ව යයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : ශ්‍රී ලංකා වෙරළ...

වසර 36කට පසු කන්කසන්තුරේට නව තැපැල් කාර්යාල ගොඩනැගිල්ලක්…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : නව ගොඩනැගිල්ලට මුල්ගල...

විහාරමහාදේවියේ පැවති අඛණ්ඩ සත්‍යග්‍රහය තාවකාලිකව අත්හිටුවයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : කොළඹ විහාරමහාදේවි උද්‍යානයේ...