එකෙන්හි – රුවන් බන්දුජීව

Date:

මිදී ගිනිගෙන දැවෙන තැටියෙන්
උළු අතරින් පෙරී වැටුණු
හිරු ලපයක් බලා සිටී
පෑන රුවාගෙන නිකටේ
තැනූ රුවක් සේ ඉටියෙන්
කවිමත් කල්පනාවක නියැලෙන
සාගර පලන්සූරිය මැති දෙස

සුද අතින්
ටිකිරි බණ්ඩාරට වැඩියෙන්
අදිරියන් ඉදිරියෙන් තබන අටියෙන්
රචනා කරමින්ය සිටින්නේ ඔහු
“සුදෝ සුදු”

කටුරොදට හිටිහැටියෙන්
අදිරි කැඳවන පැදිය
සමෝධානය නොවී සිටියෙන්
දුම්වැටියක් දල්වාගෙන
ලී පුටුවෙන් නැගී අවුත්
කුමාරගම එවූ ලිපිය
යළිත් වරක් කියවයි ඔහු

“දැන් දැන් පෙරේරා සහ පෙම්තිලක
රති කවිය අවුළුවනවා නොවෙද
වුවමනාවටත් වඩා වැඩියෙන්
දැන් දැන් ලංකාවම, අලියා වැටුණුවැවක් නොවෙදැයි
හැඟෙනවා මට කරුණු ඇතියෙන් “

යැවූ කවි පිළිබඳව
තුටුපහටුවන සෙයක් නැතියෙන්
අමනාපයෙන්වත්ද ඔහු
වෙලාවකට මමත් – අපේ කුඩලිගමත්
පිටිසර වනන සැටියෙන්

සුදෝ සුදුවන් හිරු ලපය තුළ
සියුමු දුහුවිලි ගලන අසිරිය
ඔහුට නුදුරින් පිහිටියෙන්
ඊට තම පිටි අත්ල දිගුකර
“සම සමාජය” ගැන සිතයි ඔහු
සුදෝ සුදු දුම් කෙඳිති
නැගෙන’තර දුම්වැටියෙන්

එකෙන්හී
කටුරොදට හිටිහැටියෙන්
අදිරි කැඳවන පැදිය
දළ රුවක් පා නැගී සිටියෙන්
යළිත් මේසය වෙතට යයි ඔහු
සුදෝ සුද පොබකරන අටියෙන් …

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: Birria වල රස රහස හැපෙන කටක් ගානේ! Where Slow-Cooked Tradition Meets Street Food Magic

සටහන – පුලී දෙසැම්බර් 16, කොළඹ (LNW): "Birria" 16 වන සියවස...

ලක්ෂ්මන් බාලසූරිය – සරලවම, උසස් පන්තියේ මිනිසෙක්!

සටහන – ක්‍රිෂාන්ත ප්‍රසාද් කුරේ දෙසැම්බර් 16, කොළඹ (LNW):  මගේ...

උන්මාදය පැත්තකින් තියන්න – මිනිස්සුන්ට ආදරේ කරන්න අහ්මඩ්ලා මොහොම්මඩ්ලා කියා දෙන පාඩම්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 16, කොළඹ LNW: මේ මොහොත කියවා ගැනීම...

හේලීස් අනුබද්ධ ඩිප්ඩ් ප්‍රොඩක්ට්ස් වෙතින් ගංවතුර සහන සඳහා ආරක්ෂක අමාත්‍යාංශයට අත්වැසුම් 50,000ක පරිත්‍යාගයක් !

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අත් ආරක්ෂණ විසඳුම් නිෂ්පාදකයෙකු වන ඩිප්ඩ්...