ලංකාවේ තෙල් සහ ගෑස් අර්බුදයට උත්තර හොයන්නේ මන්නාරම් දිස්ත්‍රික්කයෙන් – ඇමති හඳුන්

මන්නාරම් ද්‍රෝණියේ ඛනිජ තෙල් සහ ස්වාභාවික ගෑස් ගවේෂණ කටයුතු ආරම්භ කිරීමට රජය කටයුතු කරමින් සිටින බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.

“මන්නාරම කියන්නේ සම්පත් ආකරයක්. ස්වභාවධර්මයෙන්ම ලැබිච්ච මහා සම්පත් ගොඩක් තියෙන තැනක්. ලුණු විතරක් නෙවෙයි ඛනිජ සම්පත් ගොඩක් තියෙනවා මන්නාරමේ. ඒ විතරක් නෙවෙයි දැන් රජය තීරණයක් අරන් තියෙනවා මන්නාරම් ද්‍රෝණියේ ගෑස් සහ ඛනිජ තෙල් ගවේෂණ කටයුතු ආරම්භ කරන්න. ඒ වෙනුවෙන් පසුගිය දවසක ගිවිසුම අත්සන් කළා, දැන් අපි ලෑස්තියි ගවේෂණ කටයුතු ආරම්භ කරන්න. ලංකාවේ එහෙම වුණොත් එහෙම, තෙල් අර්බුදය සහ ගෑස් අර්බුදයට උත්තර හොයන්නේ ඔබේ දිස්ත්‍රික්කයෙන්”

සුනිල් හඳුන්නෙත්ති අමාත්‍යවරයා මේ බව පැවසුවේ ජාතික ලුණු සමාගමේ මන්නාරම ලේවායේ නව පාලන ගොඩනැගිල්ල සහ ගබඩා සංකීර්ණය විවෘත කිරීමේ උත්සවයට ඊයේ (27) එක්වෙමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝද හතරෙන් අහසට යන අනාගතය! Tesla හි AI බලය පිටුපස සිටින අශෝක් එල්ලුස්වාමි කවුද කියලා අද LNW තුළින් දැනගමු ද?

සටහන – පුලී ඔක්තෝම්බර් 17, LNW (කොළඹ): මෝටර් රථයක් රියදුරෙකු නොමැතිව මාර්ගයේ...

දිවයිනටම බලපෑ විදුලි බිඳවැටීම සහ යථාතත්වයට පත්කිරීම

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 17, කොළඹ LNW : දිවයින පුරා සිදු...