ශ්‍රී ලංකාවෙන් නේපාලයට ඇ.ඩොලර් මිලියනයක මානුෂීය ආධාර!

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:නේපාලයේ ඇති වූ අනපේක්ෂිත ලෙස විනාශකාරී ගංවතුර සහ නාය යෑම් ආපදාව හමුවේ නේපාල ජනතාව වෙත ශ්‍රී ලංකාවේ සහයෝගය පෙන්නුම් කරමින් ඇමරිකානු ඩොලර් මිලියනක මූල්‍ය ආධාරයක් ලබා දීමට තීරණය කර තිබේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් පරිදි එම කටයුතු සිදුවන අතර ශ්‍රී ලංකාව සහ නේපාලය අතර සමීප සහ දිගුකාලීන මිත්‍රත්වයේ සහ සහයෝගීතාවයේ බැඳීම සිහිපත් කරමින් මෙම හදිසි ව්‍යසනයේදී ශ්‍රී ලංකාව නේපාල ජනතාව සමඟ ශක්තිමත්ව අත්වැල් බැඳගන්නා බව ජනාධිපතිවරයා අවධාරණය කර ඇත.

ඒ අනුව ගංවතුර සහ නාය යෑම්වලින් පීඩාවට පත් ප්‍රජාවන්ට ක්ෂණික සහන සහ මානුෂීය ආධාර සඳහා සහය වීම මෙම මූල්‍ය දායකත්වයේ අරමුණයි.

විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත්, නේපාල විදේශ කටයුතු අමාත්‍ය ෂිසිර් ඛනාල් සමඟ සංවාදයක යෙදෙමින් නේපාලය මුහුණ දුන් මෙම ව්‍යසනකාරී තත්ත්වය පිළිබඳ ශ්‍රී ලනක්වේ ශෝකය පළකරමින් ශ්‍රීලංකාව විසින් නේපාලයට දක්වන සහය පිළිබඳ දැනුම් දී තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝද හතරෙන් අහසට යන අනාගතය! Tesla හි AI බලය පිටුපස සිටින අශෝක් එල්ලුස්වාමි කවුද කියලා අද LNW තුළින් දැනගමු ද?

සටහන – පුලී ඔක්තෝම්බර් 17, LNW (කොළඹ): මෝටර් රථයක් රියදුරෙකු නොමැතිව මාර්ගයේ...

දිවයිනටම බලපෑ විදුලි බිඳවැටීම සහ යථාතත්වයට පත්කිරීම

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 17, කොළඹ LNW : දිවයින පුරා සිදු...

බිසී නැති සජිත්….

මහේෂ් හපුගොඩ ලංකාවේ සිටින ප්‍රධාන පෙලේ සියලු දේශපාලඥයින් අතරින් සජිත්...