එප්පාවල ලංකා පොස්පේට් සමාගමේ නිෂ්පාදන ධාරිතාව ඉහළ නැවීම වෙනුවෙන් වාහන හා යන්ත්‍රෝපකරණ රැසක් එක්කරයි!

කොළඹ LNW:එප්පාවල ලංකා පොස්පේට් සමාගමේ නිෂ්පාදන ධාරිතාව ඉහළ නැංවීමට රුපියල් මිලියන 110 ක නව මෙහෙයුම් වාහන හා යන්ත්‍රෝපකරණ එක් කර තිබේ.

එප්පාවල ලංකා පොස්පේට් සමාගමේ නිෂ්පාදන හා මෙහෙයුම් කටයුතු ප්‍රසාරණය කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 110 ක් වටිනා නව යන්ත්‍රෝපකරණ සහ මෙහෙයුම් වාහන යෙදවීම ඊයේ දින (27) කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

මෙම ව්‍යාපෘතිය යටතේ රුපියල් මිලියන 79 ක් වැය කරමින් වීල් ලෝඩර් යන්ත්‍ර දෙකක්, රුපියල් මිලියන 18 ක් වැය කරමින් ටිපර් රථ දෙකක් සහ රුපියල් මිලියන 13 ක් වැය කරමින් පෝක් ලිෆ්ට් යන්ත්‍ර දෙකක් ආයතනික මෙහෙයුම් කටයුතු සඳහා නිල වශයෙන් භාරදීම සිදු කෙරුණු අතර, ආයතනයේ මෙහෙයුම් ශක්තිමත් කිරීම උදෙසා තෝරාගත් නව රියදුරන් සඳහා පත්වීම් ලිපි ප්‍රදානය කිරීමද අමාත්‍යවරයා අතින් සිදු විය.

පසුගිය මාස 20 ක කෙටි කාලසීමාව තුළ එප්පාවල ලංකා පොස්පේට් සමාගම විශාල ප්‍රගතියක් අත්කරගෙන තිබේ. එම කාලය තුළ රුපියල් මිලියන 76 ක වියදමින් නව නිමි භාණ්ඩ ගබඩාවක් ඉදිකිරීම සහ අක්‍රීයව පැවති ක්‍රසර් යන්ත්‍රය, නිල වෙබ් අඩවිය මෙන්ම Sales Hotline අංකය යළි ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇත.

එමෙන්ම පාරිභෝගික විශ්වාසය හා විනිවිදභාවය උදෙසා නිෂ්පාදනවල උපරිම සිල්ලර මිල මුද්‍රණය කිරීම, 2026-2030 නව උපායමාර්ගික සැලසුම එළිදැක්වීම, APM පොල් පොහොර වෙළඳපොළට හඳුන්වාදීම සහ ERP Sample සහනදායී මිලට ලබාදීමද සිදු කර ඇත. ඊට අමතරව Dealers Network ලියාපදිංචිය සහ සමාගමේ ලොරි රථ මගින්ම බෙදාහැරීම් ආරම්භ කරමින් ආයතනයේ සමස්ත මෙහෙයුම් ජාලයම විධිමත් කිරීමට පාලනාධිකාරිය කටයුතු කර තිබේ.

මෙම අවස්ථාව සඳහා අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තිළිණ සමරකෝන් මහතා,එප්පාවල ලංකා පොස්පේට් සමාගමේ සභාපති ආනන්ද ප්‍රේමකුමාර මහතා, සමාගමේ පාලනාධිකාරිය සහ සේවක මණ්ඩලය එක්ව සිටියහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝද හතරෙන් අහසට යන අනාගතය! Tesla හි AI බලය පිටුපස සිටින අශෝක් එල්ලුස්වාමි කවුද කියලා අද LNW තුළින් දැනගමු ද?

සටහන – පුලී ඔක්තෝම්බර් 17, LNW (කොළඹ): මෝටර් රථයක් රියදුරෙකු නොමැතිව මාර්ගයේ...

දිවයිනටම බලපෑ විදුලි බිඳවැටීම සහ යථාතත්වයට පත්කිරීම

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 17, කොළඹ LNW : දිවයින පුරා සිදු...