නායයෑමෙන් බලපෑමට ලක් වූ Xizangහි මුදාගැනීමේ මෙහෙයුම් සම්බන්ධයෙන් චීන ජනපති ප්‍රධානත්වයෙන් රැස්වීමක්!

කොළඹ LNW:නායයෑම් ව්‍යසනයෙන් බලපෑමට ලක් වූ චීනයේ Xizang ස්වායත්තයේ Shigatse නගරයේ Gyirong කෝරළය වෙත සහනාධාර ලබා දීමේ රැස්වීමක් චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශය අද (28) පවත්වා තිබෙනවා. ඒ චීන ජනාධිපති, ෂී ජින්පිං මහතාගේ ප්‍රධානත්වයෙන්.

රැස්වීම ආරම්භ කරමින්, ෂී ජින්පිං මහතා ඇතුළු එහි සිටි සැවොම පළමුව, මිනිත්තු කිහිපයක නිශ්ශබ්දතාවක් පවත්වමින් මෙම ව්‍යසනයෙන් මිය ගිය පුද්ගලයින් සිහිපත් කිරීමට එක් වුණා.

මෙම නායයෑමෙන් පසු, අතුරුදන්වූවන් සහ සිරවී සිටින පිරිස් මුදාගැනීමේ මෙහෙයුම් කඩිනම් කිරීම සඳහා ෂී ජින්පිං මහතා අවශ්‍ය උපදෙස් ලබා දී තිබෙනවා. ඒ අනුව අග්‍රාමාත්‍ය ලී ච්‍යං මහතා ද ෂී ජින්පිං මහතාගේ උපදෙස් පරිදි, අදාළ ආපදා ප්‍රදේශය වෙත වහාම ගොස් එහි තත්ත්වය නිරීක්ෂණය කර ඇති බව වාර්තා වනවා. එහිදී මුදාගැනීමේ මෙහෙයුම් සඳහා අවශ්‍ය උපදෙස් ලබා දෙමින් ඊට එක්වූ පුද්ගලයින් හා පීඩාවට ලක්වූ ජනතාවගේ සුවදුක් විමසීමට ද අග්‍රාමාත්‍යවරයා එක් වුණා.

එමෙන්ම, විවිධ ආයතනවලට අයත් ආපදා සහන සැලසීමේ සහ මුදාගැනීමේ කණ්ඩායම් ද මෙහිදී ආරක්ෂක අංශ සමග එක්ව විපතට පත් පිරිස් බේරා ගැනීමටත්, ඔවුන්ට අවශ්‍ය සහන කටයුතු සඳහාත් විධිමත්ව එක්වෙමින් සිටින බව මෙම රැස්වීමේදී සඳහන් කෙරුණා.

තවද, මෙම මෙහෙයුම් ක්‍රියාවලිය තුළදී, අදාළ ආයතන, ජනතාව වෙත ප්‍රමුඛත්වයක් ලබා දෙමින් කටයතු කළ යුතු බව ද මෙහිදී අවධාරණය කර තිබෙනවා. ස්වාභාවික විද්‍යානුකූල ක්‍රමවේදයන්ට අනුකූලව මුදාගැනීමේ සැලසුම් සකස් කරමින් අතුරුදන්ව සිටින සියලු දෙස් විදෙස් ජාතිකයින් සොයා ගැනීමට හැකි උපරිමය කළ යුතු බවටත් මෙහිදී දැනුම් දී ඇතැයි වාර්තා වනවා.

මීට අමතරව මෙම ව්‍යසනයෙන් පීඩාවට ලක්වූ ජනතාව වෙනුවෙන් අදාළ පශ්චාත් ආපදා කටයුතු නිසි පරිදි සිදු කළ යුතු බවටත් මෙහි බලපෑමට ලක්වූ නේපාලයේ අදාළ ප්‍රදේශ වෙත හදිසි සහනාධාර ලබා දෙමින් ජාත්‍යන්තර මුදාගැනීමේ මෙහෙයුම් සහයෝගීතාව සිදු කළ යුතු බවටත් එම රැස්වීමේදී වැඩිදුරටත් උපදෙස් දී තිබෙනවා.

දිනූෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝද හතරෙන් අහසට යන අනාගතය! Tesla හි AI බලය පිටුපස සිටින අශෝක් එල්ලුස්වාමි කවුද කියලා අද LNW තුළින් දැනගමු ද?

සටහන – පුලී ඔක්තෝම්බර් 17, LNW (කොළඹ): මෝටර් රථයක් රියදුරෙකු නොමැතිව මාර්ගයේ...

දිවයිනටම බලපෑ විදුලි බිඳවැටීම සහ යථාතත්වයට පත්කිරීම

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 17, කොළඹ LNW : දිවයින පුරා සිදු...

බිසී නැති සජිත්….

මහේෂ් හපුගොඩ ලංකාවේ සිටින ප්‍රධාන පෙලේ සියලු දේශපාලඥයින් අතරින් සජිත්...