ආශිකා බ්රාහ්මණ
කොළඹ:LNW:නේපාලය සහ ටිබෙට් දේශසීමා ප්රදේශයට බලපෑ ව්යසනකාරී ගංවතුර සහ නාය යෑම හේතුවෙන් මියගිය ගණන 547ක් දක්වා ඉහළ ගොස් ඇති අතර තවත් 500කට වැඩි පිරිසක් අතුරුදහන් බව නේපාල වාර්තා පෙන්වා දෙයි.
ව්යසනකාරී මෙම ආපදාවෙන් පසු නේපාලයේ තත්ත්වය අර්බුදයක බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.
ගැලව ගැනීමේ මෙහෙයුම් ක්රියාත්මක වුවද එම කටයුතු ඉතා අසීරු තත්ත්වයක පවතින බව දැක්වෙයි.
නේපාල බලධාරීන් පවසන පරිදි විදේශිකයින් 100ක් පමණ බේරාගෙන ඇති නමුත් තවත් 500ක් පමණ අතුරුදහන්ව සිටිති.
මේ අතර, චීන බලධාරීන් නේපාල-ටිබෙට් දේශසීමාව අසල ගලවා ගැනීමේ කටයුතු නැවත ආරම්භ කර ඇති බව චීන රාජ්ය මාධ්ය පවසයි. අලුතින් නිර්මාණය වූ ජල විලක් හේතුවෙන් එහි ඉවුරු පුපුරා යා හැකි බවට ඇති බිය නිසා මෙහෙයුම් නතර කර තිබුණි.
එමෙන්ම නේපාල ගංවතුරෙන් 93,000 ක් පමණ පීඩාවට පත්ව ඇතැයි ඇස්තමේන්තු කර ඇති බව ජාත්යන්තර රතු කුරුස සංවිධානය ප්රකාශ කර තිබේ.


