දකුණු ආසියානු අවුරුදු 16 න් පහළ පැසෙහි කිරුළට ලංකාව අද සිට සටනේ

Date:

සැප්තැම්බර් 17 දා සිට 24 වන දා දක්වා කටාර් හී පැවත්වීමට නියමිත ආසියානු අවුරුදු 16 න් පහළ පැසිපන්දු තරගාවලියට සුදුසුකම් ලැබීමේ දකුණු ආසියාතික රට තේරා ගැනීම සඳහා පවත්වන තරගාවලිය අද (අගෝස්තු 28) සිට 31 දා දක්වා කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවත්වේ.මේ තරගාවලිය අගෝස්තු 8 0 12 දක්වා පැවත්වීමට මුලින් යෝජනා වී තිබුණ ද අවසානයේ තරගයේ සත්කාරකත්වය දරමින් අද සිට 31 වන දා දක්වා තරගාවලිය සංවිධානයට ශ්‍රී ලංකා පැසිපන්දු පරිපාලනයට හැකි වී ඇත.

මෙම තරගාවලිය යටතේ පවත්වන පළමු තරගය අද පස්වරු 6.00 ට ශ්‍රී ලංකාව සහ මැලේසියාව අතර පැවත්වෙන අතර ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දීය කණ්ඩායම හමුවන්නේ අගෝස්තු 30 වන දා පස්වර 6.00 ට ය.අගෝස්තු 29 වන දා පස්වරු 6.00 ට පැවත්වෙන්නේ ඉන්දියාව සහ මාල දිවයින අතර තරගයයි.ආසියානු සූරතාවය සඳහා කටාර් වෙත පියාසර කිරීමට සුදුසු කණ්ඩායම තීරණය කරන අවසන් තරගය 31 වන දා පස්වරු 6.00 ආරම්භ වනු ඇත.
කලෙකට පසුව ශ්‍රී ලංකා තරුණ කණ්ඩායමකට ජාත්‍යන්තර පිටියේ දස්කම් දැක්වීමට සහ ඉන් ඉදිරියට තවත් පුළුල් ජාත්‍යන්තර අත්දැකීමකට යාමට අවස්තාව විවර කර ගැනීමට අවස්ථාව ලබා ගැනීම සඳහා සටන කරන්නට ලැබෙන අවස්ථාවේ දී දකුණු ආසියාවේ හෙට ප්‍රබලයන් තරග වැදීම දකින්නට පැසිපන්දු ප්‍රේමීන්ට අවස්ථාව ලබා දෙන්නට ශ්‍රී ලංකා පැසිපන්දු තීරණය කර ඇත.එහිදී තරගයක් සඳහා වන ප්‍රවේශ පත්‍රයක් රුපයිල් 600 ට අලෙවි කිරීමට කටයුතු යොදා ඇත.

ඩැරන් බර්නාඩ්ගේ නායකත්වයෙන් පිටියට පිවිසෙන ශ්‍රී ලංකා කණ්ඩායම සතුව අඩි 6 ඉක්මවා ගිය ක්‍රීඩකයින් පස් දෙනෙකුම දකින්නට ලැබීම විශේෂත්වයකි.මේ සියලු විශේෂතා උපයෝගි කර ගනිමින් මෙම දකුණු ආසියානු සුදුසුකම ලබා ගනිමින් ආසියානු තරගාවලියට සහභාගි වී එම තරගාවලිය ජය ගතහොත් ශ්‍රී ලංකා කණ්ඩායමට 2024 දී පැවත්වෙන ලෝක අවුරුදු 17 න් පහළ ලෝක සූරතාවලිය නියෝජනය කරන්නට ඉඩ ඇත.එම තරගාවලිය පැවත්වෙන්නේ 2024 ජූනි මස 29 සිට ජූලි 7 දක්වා තූර්කියේ දී ය.

සටහන – නිෂ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදා සහන සැලසීම වෙනුවෙන් ජපානයෙන් තවත් වෛද්‍ය කණ්ඩායමක් එයි!

කොළඹ LNW:අයහපත් කාලගුණය හේතුවෙන් ඇතිවූ ආපදාවන්ගෙන් විපතට පත් ශ්‍රී...

ජාතික ආපදා කළමනාකරණ අරමුදලට තර්ස්ටන් විද්‍යාලයෙන් රු. මි. 3.25 ක පරිත්‍යාගයක්!

ජාතික ආපදා කළමනාකරණ ප්‍රයත්නයන් ශක්තිමත් කිරීමට තර්ස්ටන් විද්‍යාලය රුපියල්...

ආපදා සහන වෙනුවෙන් ADB වෙතින් ඩොලර් මිලියන තුනක ප්‍රදානයක්!

කොළඹ LNW:අයහපත් කාලගුණ තත්ත්වයෙන් පසු රට යථා තත්ත්වයට පත්...

ඌව පළාත් රාජ්‍ය සේවකයින් ආපදා වෙනුවෙන් දිනක වැටුප පිරිනමයි!

කොළඹ LNW:ඌව පළාත් සභාවේ රාජ්‍ය නිලධාරීන් විසින් ඔවුන්ගේ එක්දිනක...