ප්‍රංශයේ පාසල්වල අබාය ඇඳීම තහනම් කෙරේ.

Date:

මුස්ලිම් ආගමික කාන්තාවන් විසින් අඳිණු ලබන සම්පූර්ණ දිග ලෝගුවක් වන ලිහිල් ගවුම හෙවත් අබාය ඇඳීම ප්‍රංශයේ පාසල්වල තහනම් කර ඇති බව එරට අධ්‍යාපන අමාත්‍යංශය විසින් නිවේදනය කර තිබේ.

ඒ අනුව සැප්තැම්බර් 4 වැනි දින නව පාසල් වර්ෂය ආරම්භ වීමත් සමග නීතිය ක්‍රියාත්මක වනු ඇත. ප්‍රංශය විසින් මෙවැනිම තීරණ මිට පෙර අවස්ථාවන් ගණනාවකදී ම ගෙන ඇති අතර, ඔවුන් 2004 වසරේ සිට රජයේ පාසල්වල හිස් ආවරණයක් පැළඳීම තහනම් කර න ලදී. එමෙන්ම 2010 වසරේදී දී, සම්පූර්ණ මුහුණු ආවරණ පැළඳීම තහනම් කරන ලද අතර එය ප්‍රංශයේ මිලියන පහක පමණ මුස්ලිම් ප්‍රහවකගේ කෝපයට හේතු විය.

ප්‍රංශයේ රජයේ පාසල්වල සහ රජයේ ගොඩනැගිලිවල ආගමික සලකුණු දැඩි ලෙස තහනම් කර ඇති අතර, ඒවා ලෞකික නීති උල්ලංඝනය කරන බවට විශ්වාස කෙරේ.

සශිකලා මධුෂාණි-outboundtoday

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යුදෙව් අරාබි ගැටුමේ පර්සියානු භූමිකාව හා මුහම්මඩ්ගේ පුත්‍රයා ….

අපි කතාව පටන් ගමු ඉතිහාසයෙන්. ක්‍රිස්තු පූර්ව 586 වර්ශය...

කෙහෙළියගේ නඩුවකට දින!

රෂිකා හෙන්නායක ජූනි 13, කොළඹ LNW : අල්ලස් කොමිසම...

විපක්ෂය උඩුදුම්බර සභාවේ බලය අල්ලයි!

කොළඹ LNW:මහනුවර උඩුදුම්බර ප්‍රාදේශීය සභාවේ බලය සමගි ජන බලවේගය...