ජාජබ ජනාධිපති අපේක්ෂකයා තවම ප්‍රකාශ කර නෑ. සුදුසුම කෙනා අනුර සහෝදරයා – හරිනි

Date:

ජනාධිපතිවරණයක් තවමත් ප්‍රකාශ කර නොමැති හෙයින් ජාතික ජන බලවේගය තවමත් නිල වශයෙන් සිය ජනාධිපතිවරණ අපේක්ෂකයා නිවේදනය කර නොමැති බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී හරිනි අමරසූරිය මහත්මිය පවසයි.

ප්‍රශ්නය – ඔබට හදිස්සියේවත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න කියලා අපේක්ෂිකාව හැටියට ජාතික ජන බලවේගයෙන් යෝජනාවක් එනවා. මොකද තත්වේ?

“එහෙම වියයුතු නැහැ කියලා මම කියන්නේ. එකක් මම සතුටු වෙනවා ජාතික ජන බලවේගය ගැන දැන් අවුරුදු තුනකට ඉස්සෙල්ලා ඡන්දයක් දිනනවා තියා මැතිවරණයකට ඉදිරිපත් කරන්න එක්කෙනෙක්වත් ඉන්නවද කියලනෙ කතා වුනේ. දැන් මේ කතා වෙන්නේ හරිනිද? අනුරද? අරයද? මෙයාද? ලොකු සාකච්ඡාවක් යනවා. ඒකෙන් පෙන්නුම් කරනවා අපි ඇවිල්ලා තියෙන තැන. ඒක ගැන මම සතුටුයි. ඒකෙන් පෙන්වනවා අපේ බලය, අපේ නායකත්වය, අපේ සූදානම සහ අපේ හැකියාව. ඒක ගැන අපි සතුටුවෙනවා. ජාතික ජන බලවේගය හැටියට නිල වශයෙන් ප්‍රකාශයට පත් කරලා නැහැ කවුද ජනාධිපති අපේක්ෂකයා කියලා. මොකද ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත්වෙලත් නැහැ. මම හිතනවා ඒකට සුදුසුම නායකයා අපි තුළ ඉන්නවා. දැනටමත් ඉන්නවා. අනුර සහෝදරයා, ඔහු පෙන්නුම් කරලා තියෙනවා ඔහුට ඒ නායකත්ව හැකියාව සහ ඒකට සුදුසුකම් තියෙනවා කියලා”

හරිනි අමරසූරිය මහත්මිය මේ බව ප්‍රකාශ කර ඇත්තේ යූටියුබ් නාලිකාවක් සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ග්‍රෑන්ඩ් හයට් හෝටල් ගොඩනැගිල්ල විකිණීමට ලංසු කැඳවයි

Sinolanka සහ Helanco යන හෝටල් සමාගම්වල මව් සමාගම වන...

මං හිතන්නෙ හිටපු කථානායක රන්වලට ආචාර්ය උපාධි සහතිකයක් නෑ – ඇමති බිමල්

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු කථානායක අශෝක රන්වල මහතාට ආචාර්ය...

නීතිපතිට එරෙහිව දෝෂාභියෝගයක් ගේන සාකච්ඡාවක් දැනට නැහැ – කැබිනට් ප්‍රකාශක

සටහන - රුවන් නෙළුගොල්ල නීතිපති පාරින්ද රණසිංහ (කනිෂ්ඨ) මහතාට එරෙහිව...

Tasty Tuesdays: නේපාලයේ නම ගිය සහ හිත පිරෙන කෑමක්! Dal Bhat – Tradition You Can Taste

සටහන – පුලී ජනවාරි 20, කොළඹ (LNW):  පරිප්පු සුප් (පරිප්පු)...