රාජ කුමාරියන් නොවූ වතුකරේ රාජ් කුමාරිලාගේ කතාව ….

Date:

ව්‍යවස්ථාවට අනුව නීතිය ඉදිරියේ කවුරුත් සමානයි කිව්වට පොලීසියකට ගියහම පුද්ගලයෙකු සතු සමාජ බලය, තානාන්තර, පන්තිය කියන සාධක තමා නීතියේ සමාන කමටත් වඩා ඉහලින් තියෙන්නේ.

කොළඹ ව්‍යාපාරික කාන්තාවකගේ නිවසේ මෙහෙකාර වෘතියේ නියැලුනු රාජ්කුමාරි අත් අඩංගුවට පත්වෙන්නේ මේ ව්‍යාපාරික කාන්තාවගේම පැමිණිල්ලකට අනුව.

අධිකරණ වෛද්‍ය වාර්තාවට අනුව අත් අඩංගුවේදී රාජ් කුමාරි මියයන්නේ දරුණු පහර දීම් නිසා ඇතිවූ අභ්‍යන්තර රුධිර වහනයක් නිසා. ව්‍යාපාරික කාන්තාවට අයිති මාලයක් වලල්ලකට තරම්වත් පොලිසියෙදී රාජ කුමාරිගේ ප්‍රාණයට වටිනාකමක් හම්බවෙන්ට නැතිව ඇති..

ව්‍යාපාරික කාන්තාව ගෙදර වැඩට රාජ් කුමාරිව හොයාගන්ට ඇත්තේ වතුකරෙන් වෙන්ට ඇති..වතුකරේ කියන්නේ මන්දපෝෂණ රජදහනක්..රාජ් කුමරිත් වතුකරේ අනිත් ගෑණු වගේම බඩගින්නට වැඩි හරියක් වතුර බීලා ජීවිතේ ඇදගෙන යන්න ඇති..

පඩි අඩු උනත් කමක් නෑ බඩට කාලා ගෙදෙට්ටත් කීයක් හරි යවන්න පුළුවන් වෙයි කියලා හිතලා රාජ් කුමාරි සිදාදියේ නෝනාගේ කුස්සියේ වැඩට එන්න ඇති.

ජීවිතයේ හරිහමන් පෝෂණයක් නොලැබුන රාජ් කුමාරිගේ දුර්වල සරීරෙට හැඩි දැඩි මිනිසුන්ගේ ගුටි බැට වැඩි වෙලාවක් අල්ලන් ඉන්න බැරිවෙන්න ඇති.

චූදිතයා දෙමළ උනාම විශේෂයෙන්ම වතුකරේ දෙමළ උනාම දුප්පත් චූදිතයාගේ ප්‍රානයට කොළඹ ඇල්ශේෂන් බල්ලෙකුගේ ප්‍රාණයකට තරම්වත් වටිනාකමක් ඒ මිනිස්සුන්ගෙන් ලැබෙන්න නැතිව ඇති…

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රාජිතගෙන් මෝසමක්!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්...

රතන හිමිට එරෙහිව වරෙන්තු!

කොළඹ LNW:පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු...

හල්ලොලුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ජාතික...

පොලිතින් හා සම්බන්ධ පරිසර සම්මේලනයක්, ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී!

සටහන – රත්නපාල ගමගේ ස්විට්සර්ලන්තය (LNW) : ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර...