සමස්ත භික්ෂු ප්‍රජාවම පිළිබඳ වැරදි මතයක් සමාජගත වෙමින් තිබෙනවා  – අතිපුජ්‍ය නියංගොඩ විජිතසිරි හිමි

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  හොරණ ඓතිහාසික ඔලබොඩුව රාජමහාවිහාරස්ථානයේ පැවැති බස්නාහිර පළාත් සංඝ නායක සමුළුව අමතමින් මල්වතු පාර්ශ්වයේ අනුනායක අතිපුජ්‍ය නියංගොඩ විජිතසිරි හිමිපාණන් පවසන්නේ , ඇතැම් භික්ෂුන් වහන්සේලාගේ වැරදි ක්‍රියාකලාපයන් සහ ඒවා මාධ්‍ය හරහා සමාජ ගත කරන ආකාරය මඟින් සමස්ත භික්ෂු ප්‍රජාවම පිළිබඳ වැරදි මතයක් ගොඩනැඟීමේ උත්සහයන් පවතින බවයි.

වැඩිදුරටත් උන්වහන්සේ පෙන්වාදෙන්නේ වත්මන් දේශපාලන ආර්ථික හා සමාජ දුෂ්කරතා හේතුවෙන් මෙම තත්ත්වය වඩාත් ඉස්මතු වී පෙනෙන බවයි.

මේ බව සඳහන් කළේය.

“මාධ්‍ය තුළ බොහෝ සෙයින් ප්‍රසිද්ධියට පත්කරන භික්ෂූන් වහන්සේලාගේ ඇතැම් වැරදි සහගත දේවල් සහගත දේවල් සම්බන්ධයෙන් කරනු ලබන ප්‍රකාශ හේතුවෙන් අද වෙනවිට භික්ෂු සමාජය පිළිබඳ වැරදි මත ඒවගේ ඉතාම සංවේගදායි ආකාරයෙන් සමාජග්‍රහණය කිරීමට ගන්නා උත්සාහයන් තේරුම් ගත හැකිව පවතිනවා. දේශපාලනික වශයෙන් රටේ පවතින වාතාවරණයේ අස්ථාවරත්වය වගේම රටේ ආර්ථික සමාජයේ පවතින යම් යම් දුෂ්කරතා හේතුවෙන් මේ කාරණා වඩාත් ඉස්මතු වී තිබෙන බව තේරුම් ගත යුතුයි.”

ලෙස උන්වහන්සේ පෙන්වා දෙන ලදී.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (30) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජුනි 30) දිනයේදී බස්නාහිර, සබරගමුව...

භාෂිගේ ප්‍රතිශතය සියයට 98

නිශ්මං රණසිංහ ජුනි 29, කොළඹ LNW: ඉන්දියාවට එරෙහිව අද ශ්‍රී...

කතරගම පඬුරුවලින් රෝහල් හදන බස්නායක නිලමේ

රුහුණු රටේ තෙද නාමය ලොවම සුපතල කළ ‘රුහුණු මහා...

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග අංශය වසා දමයි !

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග වාට්ටුව (Neurosurgical ward )...