වැල්ලම්පිටියේ වෙඩිතැබීමක්. පුද්ගලයෙකු මරුට !

අද (28) දහවල් වැල්ලම්පිටිය – කිත්තම්පහුව ප්‍රදේශයේ සිදුවූ වෙඩිතැබීමකින් ත්‍රීරෝද රථයක යමින් සිටි පුද්ගලයකු මරණයට පත්ව තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ කොළඹ 15, මෝදර ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි අයෙකි.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර පළාගොස් ඇති බව පොලිසිය පවසන අතර වැඩිදුර විමර්ශන සිදුකෙරේ.

RN