අදට නියමිතව තිබූ බැඳුම්කර යළි නිකුතුව ලබන 11 වැනි දා නිකුත් කරනවා – ශෙහාන් සේමසිංහ

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා සඳහන් කළේ,  දේශීය ණය ප්‍රශස්තකරණ වැඩපිළිවෙළ යටතේ අදට නියමිතව තිබූ බැඳුම්කර යළි නිකුත් කිරීම ලබන 11 වැනි දා දක්වා දීර්ඝ කර ඇති බවයි. දේශීය ආදායම් පණත සංශෝධනයට එරෙහිව පවතින අධිකරණ ක්‍රියාවලියක් පවතින බැවින් එලෙස එය කල් දැමූ බවයි  අමාත්‍යවරයා පැවසූවේ.

දේශීය ණය ප්‍රශස්තකරණ වැඩපිළිවෙළ යටතේ රජය නිකුත් කර ඇති බැඳුම්කර සියල්ල 9%ක පොලී අනුපාතිකයක් යටතේ යළි නිකුත් කිරීමට යෝජනා වී තිබුණු අතර එය ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබුණේ, අද (28) දිනයේදීය.

තවද, සේවක අර්ථසාධක අරමුදල් මේ තුළින් දැඩි අර්බුදයකට ලක්වන බවට පාර්ශව ගණනාවක් ඊට විරෝධය පළ කරමින් ද සිටින බවද පෙනී යයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විදේශ සංචිත පහළට !

නොවැම්බර් මාසය අවසානයේදී ශ්‍රී ලංකාවේ දළ නිල විදේශ සංචිත...

ප්‍රදේශ රැසකට වැසි – අද (06) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයින හරහා ඊසානදිග මෝසම් තත්ත්වය ක්‍රමයෙන්...

ශ්‍රී ලංකා බලධාරීන් IMF වෙතින් ඩොලර් මිලියන 200ක හදිසි ණයක් ඉල්ලයි

ශ්‍රී ලංකා බලධාරීන් විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හදිසි මූල්‍යයන...

ආපදා සහන ලබාදීමට අදාළ විශේෂ චක්‍රලේඛය නිකුත් කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල ආපදා සහන ලබාදීමට අදාළ විශේෂ චක්‍රලේඛය...