*
Tuesday, October 1, 2024
spot_img

Latest Posts

පාස්පෝට් ටික දීගන්න බැරි මේ ආණ්ඩුව රට දියුණු කරයිද ? – විපක්ෂ නායක සජිත්

සටහන – රුවන් නෙළුගොල්ල

වත්මන් ආණ්ඩුව රාජ්‍ය ආයතනයක් දුටු සැණින් කල්පනා කරන්නේ එය විකිණීමට බවත් මේ වනවිට ඔවුන් විසින් අප රට සම්පත් විකුණන වෙන්දේසියේ පාරාදීසයක් බවට පත්කර ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

“පැල්වත්ත, සෙවනගල සීනි කර්මාන්තශාලාවල සේවය කරන නිලධාරීන් මාව හමුවන්නට ආවා. අපි විශ්වාස කරනවා මේ දෙකම ජාතික සම්පත්. නිවැරදි කළමනාකරණයක්, නිවැරදි ක්‍රමවේදයක් තුළින් ඇත්තටම මේවා අතිශය ලාබ ලබන ආයතන බවට පත් කරන්නට පුළුවන්. මේ ආණ්ඩුවට ආයතනයක් දැක්ක ගමන් කටේ තියෙන්නෙ පෞද්ගලීකරණය. ලාබ බලන ටෙලිකොම් එක පෞද්ගලීකරණය කරන්න හදනවා. ලාබ බලන ලිට්‍රෝ ගෑස් එක පෞද්ගලීකරණය කරන්න හදනවා. ලාබ බලන රක්ෂණ සංස්ථාව පෞද්ගලීකරණය කරන්න හදනවා. ලාබ බලන ශ්‍රී ලංකන් කේටරින් එක පෞද්ගලීකරණය කරන්න හදනවා. දැන් අපේ රට සම්පත් විකුණන වෙන්දේසියේ පාරාදීසයක් කරලා. මං ඔබට කියන්න කැමතියි පැල්වත්ත, සෙවනගල සීනී කර්මාන්තශාලා නව ක්‍රමවේද තුළින් – ඇතිමලේ ඇතුළුව ගොවි පවුල්, සේවය කරන අය තිස් දාහකට වැඩි ප්‍රමාණයක් සිටිනවා – අපි මේ ආයතන කුණුකොල්ලයට විකුණන සංස්කෘතියට නැවතීමේ ලකුණ තබලා මේ ජාතික සම්පත ඔබගේ සුබසිද්ධිය උදෙසා ක්‍රියාත්මක කරන්නට අපි කටයුතු කරනවා. අද ඔබට අහන්නට ලැබෙනවා රජය කියනවා අරක කරනවා, මේක කරනවා කියලා. පාස්පෝට් ටික දීගන්න බැරි ආණ්ඩුව මේ. පාස්පෝට් ගන්න අද පෝලිමේ. ඕක කරගන්න බැරි ආණ්ඩුව රට දියුණු කරයිද ?”

සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ ඊයේ (28) වැල්ලවායේදී පැවති ප්‍රචාරක රැලියක් අමතමිනි.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan