අපෙන් පළිගන්න සංවර්ධනය කටයුතු නැවැත්තුවා.ඒකෙන් වැදුණේ ජනතාවට – නාමල්

Date:

කොළඹ LNW:ශ්‍රී ලංකාව ආසියාවේ වේගයෙන්ම දියුණු වෙන රට බවට පත්වූයේ මහින්ද රාජපක්ෂ මහතාගේ කාලයේ වන අතර ඒ අනුව අපි වැඩ පෙන්වූ පිරිසක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

එහෙත් 2015න් පසු එම සංවර්ධන කටයුතු සියල්ල නතර වූ බවයි ඔහු සඳහන් කරන්නේ.

දේශපාලන පළිගැනීම් ලෙස එලෙස ක්‍රියා කිරීමෙන් වැරදුණේ රටට ජනතාවට බව ද නාමල් රාජපක්ෂ මහතා කියාසිටියි.

‘ අපි වැඩ කරලා තියෙනවා. අපි ත්‍රස්තවාදය නැති කරලා තියෙනවා. ඔව් අපි යුද්ධය ජයග්‍රහණය කළා. අපි රණවිරුවාට ගෞරවයක් දුන්නා.පොලිස් නිලධාරීන්ට ගෞරවයක් දුන්නා. ඔවුන්ගේ ආත්ම අභිමානය අපි ආරක්ෂා කළා. අපි රට සංවර්ධනය කළා. මහින්ද රාජපක්ෂ යුගයේ තමයි ලංකාව ආසියාවේ වේගයෙන්ම දියුණු වෙන රට බවට පත් වුණේ. අපි වේගයෙන් ලෝකයේ දියුණු රටවල් අතරට ආවා. හැම අංශයකින්ම අවාසනාවකට 2015න් පස්සේ අපි කරගෙන ආපු වැඩපිළිවෙල නතර වුණා. ආණ්ඩු මාරුවත් එක්ක අපේ රටේ දේශපාලන සංස්කෘතියේ හැටි. ආණ්ඩුවක් මාරු වෙද්දී පැවති ආණ්ඩුව කරපු හොඳ දේවල් නවත්වනවා පළිගන්න. අවසානයේ ඒකෙන් වැදුණේ රටට. අපහසුතාවට පත් වුණේ මේ රටේ ජනතාව. මහින්දෝදය විද්‍යාගාර නැවැත්තුවා. පොර්ට් සිටි එක හම්බන්තොට වරාය,මත්තල ගුවන් තොටුපොළ,අධිවේගී මාර්ග සියල්ලම ගමේ පාරේ සංවර්ධනය ඉදන් නැවැත්තුවා. අද පෝලිම් ගැන කතා කරන අය තාම තාක්ෂණය ගෙනල්ලා සිස්ටම් එක ගෙනල්ලා පෝලිම අයින් කරනවා කියනවා. තාම පාස් පෝට් පෝලිම අයින් කරගන්න බැරි වුණා. අදටත් පාස් පෝට් එකක් ගන්න විදිහක් නැතුව දරුවෝ කොළඹ පෝලිම්වල දවස් ගණන් ඉන්නවා. මේවා අලුත් දේවල් නෙවෙයි. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ කාලේ තාක්ෂණයෙන් වැඩපිළිවෙලට අත ගැහුවා. අන්තර් ජාලයෙන් පාස් පෝට් එක දෙන්න. ඩිජිටල් අවකාශයෙන් හැදුනුම් පත දෙන්න. ඒ ක්‍රමය තුළ පාස් පෝට් එක ගන්න. අයිඩි එක ගන්න. උප්පැන්න ගන්න මරණ සහතික ගන්න පෝලිම්වල රස්තියාදු වෙන්න ඕනේ නෑ.” යනුවෙන් රාජපක්ෂ මහතා වැඩිදුරටත් කියාසිටියි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චිචි ගේ සුප්‍රීම් සැට් එකට වෙච්ච දෙයක් නෑ. ලංකාවේ නමින් චන්ද්‍රිකාවක් අයි ටී යූ දත්තවල නැහැ!

කොළඹ LNW:ඉන්ටර්නැෂනල් ටෙලිකොමියුනිකේෂන් යුනියන් දත්තවලට අනුව ශ්‍රී ලංකාවේ නාමය...

පින්නවල අලි අනාථාගාරයේදී ජාත්‍යන්තර අලි දිනය සැමරේ

සටහන - රුවන් නෙළුගොල්ල අගෝස්තු 12 වන දිනට යෙදී ඇති...

නව පොලිස්පති ලෙස ප්‍රියන්ත වීරසූරිය පත්කිරීමට ව්‍යවස්ථා සභාවේ අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නව...

ඝාතනයට ලක්වූ මාධ්‍යවේදීන් වන Anas al-Sharif සහ Mohammed Qreiqeh යනු කවුද?

රෂිකා හෙන්නායක අගෝස්තු 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරිදා එනම් ඊයේ...