ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මොදී චීනයේදී ජනාධිපති ෂි ජින්පින් හා රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් හමුවීමට නියමිතයි

Date:

සටහන: සශිකලා මධුෂාණි

අගෝස්තු 29: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මොදී මහතා චීනය හා ජපානයේ දින හතරක සංචාරය තුලදී චීනයේදී ජනාධිපති ෂි ජින්පින් මහතාට අමතරව රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් හමුවීමට නියමිත බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි වසර හතකට පසු ඔහුගේ පළමු සංචාරය සඳහා මෙම සති අන්තයේ චීනයට ගොඩබසිනු ඇති අතර එක්සත් ජනපද ජනාධිපති ඉන්දියාවේ ආනයන වෙනුවෙන් 50%ක තීරුබදු ඉහල දැමීමත් සමඟ ඉන්දියානු වෙළඳාම විවිධාංගීකරණය කිරීමට සහ බීජිං සමඟ සබඳතා ශක්තිමත් කිරීම හා කලාපීය ශක්තිමත් කර ගැනීම මෙම සංචාරයෙන් බලාපොරොත්තු වේ.

වසරකට ඩොලර් බිලියන 86.5 ක් වන ඉන්දියාවේ විශාලතම අපනයන වෙළඳපොළ ඇමරිකා එක්සත් ජනපදය වන අතර, එයින් තුනෙන් දෙකක් ඩොලර් බිලියන 60.2 ක් පමණ භාණ්ඩ මේවන විට නව තීරුබදු වලට යටත් වේ. එය රෙදිපිළි සිට ස්වර්ණාභරණ දක්වා ශ්‍රමය අධික අංශවලට බලපායි.

තීරුබදු වැඩිවීමට හේතුව ලෙස වොෂින්ටනය ඉන්දියාව විසින් අඛණ්ඩව රුසියානු බොරතෙල් සහ ආරක්ෂක දෘඩාංග මිලදී ගැනීම පෙන්වා දී ඇති අතර, දිල්ලිය යුක්රේනයට එරෙහි මොස්කව් යුද්ධයට අරමුදල් සැපයීමට උදව් කරන බවට තර්ක කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආනයනික කිරිපිටි මිල පහතට!

කොළඹ LNW:එළඹෙන ජනවාරි 16 වෙනි දා සිට ආනයනික කිරිපිටි...

රනිල්ගෙන් විපක්ෂ නායකට ඇමතුමක් ?

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද හැන්දෑවෙ තමන්ගෙ හිතවතෙක්...

තායිලන්තයේ දුම්රියක් මතට දොඹකරයක් කඩා වැටීමෙන් 32 දෙදෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): තායිලන්තයේ බැංකොක් සිට...