උද්ධමනයේ වෙනසක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 29, කොළඹ LNW:

අද (29) දින ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින්, 2025 වසරේ අගෝස්තු මාසය සඳහා වූ කොළඹ පාරිභෝගික මිල දර්ශකය සහ කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය ප්‍රකාශයට පත් කර තිබෙන බව වාර්තා වේ.

ඒ අනුව අගෝස්තු මාසය සඳහා කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය සියයට 1යි දශම 2ක් දක්වා වැඩි වී තිබෙන අතර, එය 2025 ජූලි මාසය සඳහා වාර්තා වුණේ සියයට ඍණ 0යි දශම 3ක් ලෙසටයි.

අගෝස්තු මාසයේ දී ආහාර කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය වාර්ෂික උද්ධමනය සියයට 2යි දශම බින්දුවක් දක්වා වැඩි වී ඇති අතර ජූලි මාසයේ දී එය වාර්තා වූයේ සියයට 1යි දශම 5ක් ලෙසටයි.

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසන්නේ, 2025 අගෝස්තු මාසය සඳහා ආහාර නොවන කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය වාර්ෂික උද්ධමනය සියයට 0යි දශම 8ක් දක්වා වැඩි වී ඇති අතර එය 2025 ජූලි මාසයේ දී සියයට ඍණ 1යි දශම 2ක් ලෙස වාර්තා වූ බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නවරාත්‍රී පූජාව අගමැතිනියගේ සහභාගීත්වයෙන් පාර්ලිමේන්තුවේදී සමරයි!

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ බහු-ආගමික සහජීවනය සංකේතවත් කරමින්, පාර්ලිමේන්තු පරිශ්‍රයේ...

සොයිසාපුර වෙඩි තැබීමෙන් හෝටල් හිමිකරු මියයයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : මොරටුව සොයිසාපුර ප්‍රදේශයේදී...

හූති ප්‍රහාර වලින් ආරක්ෂා වීම සඳහා බ්‍රිතාන්‍යය, සෞදියට ප්‍රහාරක ජෙට් යානා ලබා දේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 20 : යේමනයේ...

CIDය ඩග්ලස් දේවානන්දාගේ නිවස සහ කාර්යාලය වැටලූයේ ඇයි?

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : හිටපු අමාත්‍ය ඩග්ලස්...