බංකොලොත් රටක ලක්ෂ 600 ක බෙන්ස් වාසනාවන්තයෙක් !

ණය වාරික ගෙවාගත නොහැකිව, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය පවා ආනයනය කරගත නොහැකිව දැවැන්ත ඩොලර් අර්බුදයකට මුහුණ දී රටම බංකොලොත් තත්වයට පත්ව තිබියදී ඇතැම් දේශපාලනඥයන්ට හා ඇතැම් ඉහළ රාජ්‍ය නිළධාරීන්ට නම් වසන්තය උදා වී තිබේ.

ඉන්ධන නෞකාවකට අවශ්‍ය ඩොලර් සොයා ගැනීමට හෝ නොහැකි වුවද දේශපාලනඥයන්ගේ සහ ඉහළ රාජ්‍ය නිළධාරීන්ගේ වාහන සිහිනය සැබෑ කිරීමට නම් ඩොලර් සොයා ගැනීම එතරම් අසීරු නොමැත.

මෑතකදී පත්වීම් ලැබූ එවැනි ඉහළ නිළධාරියෙකුගේ වාහන සිහිනය වෙනුවෙන් පසුගියදා රුපියල් ලක්ෂ 600 ක් වැයකර ඇති බව වාර්තා වේ. ලක්ෂ 600 ක් අත්පිට මුදලින් ගෙවා ඔහු වෙනුවෙන් අලුත්ම වර්ගයේ බෙන්ස් රථයක් මිලදී ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

එක් අතකින් රටම බංකොලොත් වී ජනතාව තුන්වේල සපුරා ගත නොහැකි තත්වයට පත්ව තිබියදී සියලු කැපකිරීම් සිදුකර ජනතා දුක නිවීම වෙනුවෙන් තනතුරු බාර ගන්නා පුද්ගලයන්ට මෙවැනි සොච්චම් මුදලක් වැය කිරීමේ වැරැද්දක් නැත.

මෙම වාහන මිලදී ගැනීම පිළිබඳව සාක්ෂි සහිතව සියලු තොරතුරු අනාවරණය කිරීමට LNW ඉදිරියේදී කටයුතු කරන්නෙමු.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පේදුරුතුඩුව මූලික රෝහලට නව සිව් මහල් හෙද නිල නිවාස සංකීර්ණයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : රුපියල් මිලියන 212ක...

2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට් කරයි!

කොළඹ LNW:2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට්...

ගිනිඅවි සහ ජීව පතොරොම් සමඟ හෙරොයින් ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : බස්නාහිර පළාත් උතුර...

22ට ජනමත විචාරණයක් අවශ්‍ය නෑ – ශ්‍රෙෂ්ඨාධිකරණය තීන්දු කරයි

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස් සීමාව දීර්ඝ කිරීම සඳහා රජය...