තවත් මාස 07 කට වත් IMF ණය සහනය නෑ !

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීම සඳහා, කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණීමෙන් අනතුරුව අවම වශයෙන් මාස 6-7 ක් පමණ කාලයක් ගතවනු ඇති බව ආර්ථික විශේෂඥයන් පවසනවා.

කෙසේ නමුත් මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා පවසන්නේ IMF පළමු වාරිකය මෙම වසර අවසන්වීමට පෙර ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවයි.

IMF නියෝජිත පිරිසක් මේ වනවිට ශ්‍රී ලංකාවට පැමිණ සිටින අතර කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයක් වෙනුවෙන් සාකච්ඡා පවත්වමින් සිටී. අදාල සාකච්ඡා අනුව බදාදා වනවිට සාර්ථක එකඟතාවයකට පැමිණීමට හැකිවනු ඇති බවටයි මහබැංකු ප්‍රධානීන් අපේක්ෂා කරන්නේ.

IMF ණය ලබා ගැනීමේදී චීනයේ එකඟතාවය අතිශය වැදගත් වන අතර චීනය ඇතුළු බාහිර ණය හිමියන්ගෙන් මුල්‍ය සහතිකයක් ලබා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුවහොත් එය IMF ණය සහනය ඉක්මන් කරනු ඇත.

කෙසේ නමුත් එය එතරම් සාර්ථක නොවනු ඇති බවයි ඔස්ට්‍රේලියානු ජාතික විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය ප්‍රේමචන්ද්‍ර අතුකෝරල මහත්මිය සඳහන් කරන්නේ.

අප්‍රිකානු රාජ්‍යක් වන සැම්බියාව ණය සහන ලබා ගැනීම සඳහා 2020 දෙසැම්බර් මාසයේදී ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුමකට එළඹි අතර ණය ප්‍රතිව්‍යූහගත කිරීම සඳහා පසුගිය සතිය වනතෙක් බලා සිටීමට සැම්බියාවට සිදු වූ බව මහාචාර්යවරිය පවසනවා. චීනය ණය ප්‍රතිව්‍යූහගත කිරීමට සහභාගි වීම දිගින් දිගටම ප්‍රතික්ෂේප කිරීම ඊට හේතු වූ බවද මහාචාර්යවරිය සඳහන් කරනවා.

ශ්‍රී ලංකාවට ලබා දී ඇති ණය ප්‍රතිව්‍යූහගත කිරීම චීනය දිගින් දිගටම ප්‍රතික්ෂේප කරමින් සිටින අතර ඊට අමතරව මේ වනවිට ක්‍රියාත්මක ව්‍යාපෘති සඳහා එකඟ වී තිබූ ඉතිරි ණය වාරික ලබාදීමද ප්‍රතික්ෂේප කර තිබෙනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චාමර සම්පත්ට නඩු 04කට ඇප. එක නඩුවකට තවදුරටත් රිමාන්ඩ්

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායකට එරෙහිව අල්ලස් කොමිසම විසින්...

සුළි කුණාටු අවදානම හේතුවෙන් තායිවානයේ ගුවන් ගමන් 1,000කට ආසන්න සංඛ්‍යාවක් අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : තායිවානයේ...

ඇමෙරිකාව හා ඊශ්‍රායලය යළි ප්‍රහාර එල්ල කළහොත් ගල්ෆ් කලාපයේ තෙල් හා AI මධ්‍යස්ථානවලට පහර දෙන බවට ඉරානය කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : ඇමෙරිකා...

NDTV World Summit හිදී නි. අමාත්‍ය චතුරංගගෙන් ජාත්‍යන්තර ආයෝජකයන්ට ඇරයුමක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 23, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ ආර්ථික...