බිත්තරේටත් එපා වෙන බිත්තර මිල.ඇමති ගොවියන් අන්දනවාද?(VIDEO)

ඉදිරි දින තුන හතරක කාලය තුළ බිත්තරයක සිල්ලර මිල යළි සංශෝධනය කිරීමට වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා එකඟ වී තිබෙන අතර එතෙක් බිත්තරයක් රු.45ක තොග මිලට සහ රු 50ක සිල්ලර මිලට අලෙවි කිරීමට අවසර දුන් බව
සමස්ත ලංකා සුළු බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය අද (29) මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේය.

ඒ, අද වෙළෙඳ අමාත්‍යවරයා සමඟ අමාත්‍යාංශයේදී පැවති සාකච්ජාවෙන් අනතුරුවයි.

බිත්තරයක් සඳහා නිෂ්පාදන වියදම රු.50ක් බව අමාත්‍යවරයා දැන ගත්තේද අද සකච්ජාවෙන් වන අතර ඒ අනුව බිත්තර මිල සංශෝධනය කිරීමට සිදුවන බව අමාත්‍යවරයා පැවසූ බවයි ඔවුන් කියා සිටියේ.

දැනට නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය හේතුවෙන් සුළු ගොවියාට බිත්තර අලෙවි කරගැනීමේ දුෂ්කරතාවෙන් සිටින බව අමාත්‍යවරයා අද තේරුම් ගත් බවද ඔවුන් කියා සිටියේය.

මිල සංශෝධනය නිකුත් කරන තුරු වැටලීම් සිදු නොකරන බවටද පාරිභෝගික අධිකාරියේ නිලධාරින්ද ඔවුන්ට පොරොන්දු වී තිබේ.

ඒ අනුව සංශෝධිත නව සිල්ලර මිල ලෙස රු.50ට වැඩි රු 55 අතර මිලක් නියම වනු ඇති බවට බලාපොරොත්තු වන බවද එම නිෂ්පාදකයින් සඳහන් කරන ලදී.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුවන්ඩාවේ F1 තරගයක් පැවැත්වීම ගැන ලුවිස් හැමිල්ටන්ගෙන් ප්‍රකාශයක්

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ):මානව හිමිකම් ගැටලු සම්බන්ධයෙන් මතුව...

ප්‍රංශයේ වෙඩි තැබීමක් – එක් අයෙක් මරුට, සිව් දෙනෙකුට තුවාල

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ): පැරිස් නගරයට බටහිරින් පිහිටි...

රුසියාවේ පළමු ඩීසල් තොගය ඇමරිකාව බලා පිටත් වේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : රුසියාවෙන්...