සටහන – රුවන් නෙළුගොල්ල
ලබන සඳුදා (31) පෙරවරුවේ සිට දීපව්යාප්ත සංඛේත වැඩවර්ජනයක නිරත වීමට රජයේ ඖෂධවේදීන්ගේ සංගමය තීරණය කර තිබේ.
ඒ, ඖෂධවේදීන්ගේ අමතර සේවා දීමනා සම්බන්ධ ගැටලුවක් මුල්කරගනිමිනි.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ රජයේ ඖෂධවේදීන්ගේ සංගමයේ සභාපති අජිත් තිලකරත්න මහතා,
“මේ අවුරුද්දේ පෙබරවාරි මාසේ සෞඛ්ය අමාත්යාංශයෙන් ඉල්ලීමක් කළා අපේ අතිකාල සේවා දීමනාවල නිල නාමය අමතර සේවා දීමනා ලෙස සංශෝධනය කරන්න කියලා. සෞඛ්ය ලේකම්වරයා විසින් චක්රලේඛය නිකුත් කළා අමතර සේවා දීමනාවලට අදාළව. මේක සෞඛ්ය අමාත්යාංශයේ වෙබ් අඩවියේ පළවුණාට පස්සේ වෛද්යවරුන් විසින් ඉතා විශාල විරෝධයක් සහ බලපෑමක් සෞඛ්ය අමාත්යාංශයට එල්ල කරලා තියෙනවා මේ චක්රලේඛය අහෝසි කරන්න කියලා. ඒ බලපෑම අනුව සෞඛ්ය අමාත්යාංශය විසින් අදාළ චක්රලේඛය අවලංගු කරලා තියෙනවා. සඳුදා වෙනකොට මේ චක්රලේඛය නැවත යථාවත් නොකළොත් දීපව්යාප්ත සංඛේත වැඩවර්ජනයක් පැවැත්වීමට රජයේ ඖෂධවේදීන්ගේ සංගමයේ විධායක සභාව තීරණය කරලා තියෙනවා” යැයි පැවසීය.


