තම අමාත්යාංශය යටතේ පවතින ඇතැම් රාජ්ය ආයතන තිබෙන්නේ කොතැනදැයි තමන් තවමත් නොදන්නා බව ප්රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්ය බිමල් රත්නායක මහතා පවසයි.
“දැන් අපිට කිසිම ආයතනයක් වෙනස් කරන්න බැහැනෙ නේද නිශාන්ත ඇමතිතුමා ? අපි තීන්දුවක් ගත්තා රාජ්ය ආයතන එක තැනකට යායුතුයි කියලා. අපේ අමාත්යාංශය ගත්තොත් රම්ය, සුරම්ය, සුබ වගේ තියෙන්නෙ. මං හිතන්නෙ මම ඇත්තටම තාම හරියටම දන්නෙත් නෑ ඔය කොයි කොයි තැන්වලද තියෙන්නෙ අමාත්යාංශය කියලා. දැන් ඒවා ගේන්න කියලා අපි මුලින් තීන්දුවක් ගත්තා. නමුත් ගේන්න බෑ, ඇයි ? ඔෆීස් බිල්ඩින් එකට ගැටගහලා තියෙන්නෙ ඒ ආයතන. කියුබිකල්ස් හදලා, කූඩු ගහලා ගහලා ගහලා නේද ? එතකොට ඒක අයින් කරන්නම යනවා අවුරුදු දෙකක් විතර. ඒකට සල්ලිත් යනවා. ඉතින් අපිට කියන දේ තමයි ‘සර්, මාර වැඩේ මේක අයින් කරන්නත් මිලියන 25ක් විතර යනවා, හදන්න තව මිලියන 125ක් විතර යනවා’. එතකොට එතනම මොකද වෙන්නෙ ?
දැන් මේ යටිතල පහසුකම් කියන්නෙ හොඳ වගේම නරකකුත් තියෙනවා. ඒවා මූවබල් නෙවෙයිනෙ. ඒවාට විශාල බලයක් තියෙනවා දෙයක් බිමට හයිකරලා හැදුවාට පස්සෙ. මම හැමදාම කියන දෙයක් – පුටින් ජනාධිපතිතුමාට තියෙන ලොකුම වෙපන් එක මොකක්ද ? මුළු යුරෝපය පුරාම දුවලා තියෙන තෙල් නළ ටික. ඕනෙ වුණත් එපා වුණත් ඒ නළ අයින් කරන්න බෑ අවුරුද්දෙන් දෙකෙන්. එතකොට අපි තේරුම් ගන්න ඕනෙ ඉන්ෆාස්ට්රක්චර් කියන්නෙ ඒවා කොන්ක්රීට් නෙවෙයි, ඒවා සුවිශාල පොලිටිකල් පවර් එකක් තියෙනවා. ඒ නිසා බිල්ඩින් එකක ඔෆීස් එකක් ඩිසයින් කළොත් එහෙම කොටු ගහලා අරවා මේවා කරලා, හරිම අමාරුයි වෙනස් කරන්න. දැන් වෙලා තියෙන්නෙ ඒක. යන්න ඕනෙ වුණත් යන්න බෑ”
බිමල් රත්නායක මහතා මේ බව පැවසුවේ බත්තරමුල්ල සෙත්සිරි පාය තුන්වැනි අදියරේ ඉදිකිරීම් කටයුතු යළි ආරම්භ කිරීම වෙනුවෙන් ඊයේ (28) පැවති උත්සවයක් අමතමිනි.
බිමල් රත්නායක මහතාට ප්රවාහන , මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්යාංශ හිමිවුයේ 2024 නොවැම්බර් 18 වනදා වන අතර 2025 ඔක්තෝබර් 10 වනදා සිදුවූ කැබිනට් සංශෝධනයේදී ඔහුගෙන් වරාය සහ සිවිල් ගුවන් සේවා කොටස ඉවත් කර නාගරික සංවර්ධන අමාත්යාංශය ද ලබාදෙන ලදී.


