මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් පාසල් ළමුන් බේරා ගැනීමට වෙනමම බලකායක් අවශ්‍යයි – විපක්ෂ නායක (VIDEO)

Date:

මත්ද්‍රව්‍ය ජාවාරම නිසා අපේ රට දරු පරපුර හා පාසල් පද්ධතිය ඉතාමත්ම අන්තරාදායක තත්ත්වයට පත්ව ඇති බවත් ඊසි කෑෂ් වැනි ක්‍රමවේද හරහා මත් රකුසා පාසල් පද්ධතියත් පාසල් දරුවන-ුත් ගිලගෙන ඇති බවට නාගරික හා ගම්බද පාසල්වලට යන විට දෙමාපියන් පවසන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

එබැවින් පාසල් පද්ධතිය හා පාසල් දරුවන්ගෙන් මත්ද්‍රව්‍ය ඉවත් කර ගැනීමට ඉක්මන් සීඝ්‍රගාමී වැඩපිළිවෙළක අවශ්‍යතාවක් ඇති බවත් ළමයින් කේන්ද්‍රීයව ක්‍රියාත්මක වන මත්ද්‍රව්‍ය ජාවාමට එරෙහිව දැඩි නීති පද්ධතියක හා වැඩපිළිවෙළක අවශ්‍යතාවක් පවතින බවත් පාසල් දරුවන් ආරක්ෂා කර ගැනීම සඳහා වෙන් වූ බලකායක් නිර්මාණය කිරීමේ අවශ්‍යතාවක් පවතින බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ පසුගිය සතියේදී (25) ළමුන් සඳහා වූ පාර්ලිමේන්තු සංසඳය රැස් වූ අවස්ථාවේ දීය.

එමෙන්ම අප රටේ ඇති ළමා අයිතිවාසිකම් කොතෙක් දුරට නෛතික ප්‍රතිපාදන ලෙස පරිවර්තනය වී ඇත්ද යන්න දැනගත යුතු බවත් එම ළමා අයිතිවාසිකම්වලට අමතරව මව්වරුන්ගේ අයිතිවාසිකම් යනුවෙන් වෙනමම ඒකකයක් මූලික අයිතිවාසිකම්වලට එක්විය යුතු බවට යෝජනා කරන බවත් විපක්ෂ නායකවරයා එහිදී පැවසීය. මව්වරුන් හා දරුවන් අප සමාජයේ අවධානමට ලක්වූ කොට්ඨාසයක් බැවින් ඔවුන් සම්බන්ධ ප්‍රතිපාදන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් හරහා මූලික අයිතිවාසිකම්වලට ඇතුළත් විය යුතු බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නේපාලයේ හිම කඳු කඩා වැටීමෙන් කඳු නගින්නන් හත් දෙනෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 04: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඊසානදිග නේපාලයේ...

මම්දානි ජයග්‍රහණය කළහොත් නිව්යෝර්ක් නගරයට ෆෙඩරල් අරමුදල් සැපයීම නවතා දමන බව ජනාධිපති ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 04: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපදයේ...

විදෙස් ගමන් තහනමක් සමඟ රත්වත්තේ ඇප මත නිදහස්!

කොළඹ LNW: අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විසින්...

හිටපු ඇමරිකානු උප ජනාධිපති ඩික් චෙනී මිය යයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 04: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපදයේ...