*
Sunday, September 8, 2024
spot_img

Latest Posts

මේ පාලකයන්ගෙන් රටට වන යහපතක් නැහැ – හඳුගල රතනපාල හිමි

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ජාතික භික්ෂු පෙරමුණේ සභාපති, මාතර පළාතේ ප්‍රධාන සංඝ නායක, පූජ්‍ය හඳුගල රතනපාල ස්වාමීන් වහන්සේ පවසන්නේ, මේ රටේ කවුරු පාලන බලයට පැමිණියත් භික්ෂුභාවය අභිබවා කටයුතු කිරීමට කිසිදු පාලකයෙකුට හැකි නොවූ බවයි. දේශීය පාලකයන් පමණක් නොවෙයි, අපේ රට යටත් කරගත් ඇතැම් විදේශීය ආක්‍රමණිකයන් පවා එය පිළිගෙන තිබූ බවද රතනපාල ස්වාමීන් වහන්සේ කියා සිටී.

” මේ රටේ කවුරු පාලන බලයට පැමිණියත් භික්ෂුභාවය අභිබවා කටයුතු කිරීමට කිසිදු පාලකයෙකුට පුළුවන් වුණේ නැහැ. දේශීය පාලකයන් පමණක් නොවෙයි, අපේ රට යටත් කරගත් ඇතැම් විදේශීය ආක්‍රමණිකයන් පවා එය පිළිගෙන තිබුණා. 1815 ඉංග්‍රීසීන් අපේ රට මුළුමනින්ම යටත් කර ගැනීමට වසර දෙක තුනකට පෙර මේ රටේ ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයා බි්‍රතාන්‍යයට යවන ලිපියක සඳහන් වෙනවා, මේ රට යටත් කර ගැනීමට තිබෙන ප්‍රධානම බාධාව මේ රටේ තිබෙන විහාරස්ථාන සහ එහි සිටින භික්ෂූන් වහන්සේලා බව.

භික්ෂූන් වහන්සේලා ජනතාවත් සමග එකමුතු වී, ගිහි පැවිදි සම්බන්ධතාවයක් තිබෙන තාක් කල්, මේ රට යටත් කර ගැනීම පහසු කටයුත්තක් නොවෙයි කියන කාරණය දැන සිටියා. අධිරාජ්‍යයක් ගොඩනඟා ගත් පාලකයින් භික්ෂූන් වහන්සේලාගේ බලය තක්සේරු කළේ එහෙම. ඔවුන් කොතරම් ශක්තිසම්පන්න වුණත්, අවි ආයුධවලින් ශක්තිමත් වෙලා සිටියත්, භික්ෂූන් වහන්සේගේ බලය ඉදිරියේ ඒ සියලු බලය යටත් වුණා.

භික්ෂූන් වහන්සේ එක ආගමකට, එක ජාතියකට, එක රටකට වෙන්වුණු කණ්ඩායමක් නොවෙයි. පොදු වස්තුවක්. උන්වහන්සේගේ මහා කරුණාව මිනිස්සුන්ට, සතුන්ට පමණක් නොවෙයි ගහ කොළවලට පරිසරයට පවා මහා කරුණාවක් ගොනුවෙලා තිබෙනවා. ඒවාට හානියක් වෙන සෑම මොහොතකම කටයුතු කිරීමට ඉදිරිපත් වෙන්නේ ඒ නිසයි.

අනුප්‍රාප්තික ජනාධිපති ලෙස කටයුතු කරන රනිල් වික්‍රමසිංහට කියනවා තමන්ගේ බලය මොකක්ද කියන එක තේරුම් ගෙන කටයුතු කරන ලෙසට. මේ පාලකයන්ගෙන් රටට යහපතක් සිදුවෙන බවක් අපට පෙන්නේ නැහැ. රටට නව පරිවර්තනයක්, නව පාලනයක් අවශ්‍ය බව රටේ සියලු දෙනා පිළිගනිමින් පවතිනවා “

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan