රංගේ බණ්ඩාර ඉවතට. වගකීම් නියෝජ්‍ය මහලේකම් ඇතුළු පිරිසකට

Date:

එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර එම තනතුරින් ඉවත් කර ඇති බව ආරංචිමාර්ග පවසයි.

ඔහු සම්බන්ධයෙන් දැනගැනීමට ලැබුණු බරපතළ කාරණා කිහිපයක් සැලකිල්ලට ගෙන එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.

පාලිත රංගේ බණ්ඩාර මහතා පසුගිය දින කිහිපයේදීම සිරිකොට පක්ෂ මූලස්ථානයේ රාජකාරි සඳහා ද පැමිණ නැති බව වාර්තා විය.

ඒ අනුව, මේ වනවිට ක්‍රියාත්මක මැතිවරණ මෙහෙයුමේ වගකීම් රංගේ බණ්ඩාර හැර අනෙකුත් නිලධාරීන්ට පැවරීමට ද එජාප නායකවරයා කටයුතු කර ඇති බවත් ආරංචිමාර්ග සඳහන් කළේය.

එජාප නියෝජ්‍ය මහලේකම් ක්‍රිශාන්ත තියඩෝර්, සිරිකොත ප්‍රධාන විධායක අධ්‍යක්ෂ ශමල් සෙනරත්, මැතිවරණ මෙහෙයුම් ප්‍රධානී ජනාධිපති නීතිඥ රෝනල්ඩ් පෙරේරා ඇතුළු පිරිසට සිරිකොත පක්ෂ මූලස්ථානයේ ද රැඳී සිටිමින් සියලු දිස්ත්‍රික්ක වල සම්බන්ධීකරණ කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබා දී ඇති බවයි ආරංචිමාර්ග වැඩිදුරටත් පැවසුවේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හෙට සහ අනිද්දා දිවයිනට එන ඉන්දීය සහ චීන අමුත්තෝ !

රෂිකා හෙන්නායක දෙසැම්බර් 21, කොළඹ LNW : මෙරට විපතට පත්...

සිරිමාව, චනිත්මා ගැන ආඩම්බර විය යුතුයි….

නිශ්මං රණසිංහ දෙසැම්බර් 21, කොළඹ LNW: මේ වන විට ලංකාවේ...

වෙනිසියුලාවේදී දෙවන තෙල් නවුකාවත් ඇමරිකාව අත්අඩංගුවට ගනී

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත්...

භාවිතය අත්හිටවූ ‘ඔන්ඩැන්සෙට්‍රොන්’ ගැන නවතම තීරණය!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 21, කොළඹ LNW : උද්ගතව ඇති...