(PHOTOS):ජන්දෙන් ඔබ්බට යුක්තියේ සටන – අතුරුදහන් වූවන්ගේ පවුල් එකමුතුවේ තවත් වැඩක්!

Date:

කොළඹ LNW: අදට(30) යෙදී තිබෙන බලහත්කාරයෙන් අතුරුදහන් කළ වින්දිතයින්ගේ ජාත්‍යන්තර දිනයට සමගාමීව අතුරුදහන් වූවන්ගේ පවුල් එකමුතුව විසින් තානාපති සහ මහකොමසාරිස් කාර්යාල වෙත ඉල්ලීම් රැගත් සංදේශයක් භාර දීම සිදුකෙරුණි.

ඒ අනුව මෙරට පිහිටි ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය, ඔස්ටේලියානු මහා කොමසාරිස් කාර්යාලය,එක්සත් ජනපද මහ කොමසාරිස් කාර්යාලය,කැනඩා තානාපති කාර්යාලය,ඇමරිකානු තානාපති කාර්යාලය ඇතුළු සියලුම තානාපති කාර්යාල හා මහ කොමසාරිස් කාර්යාල වෙත එම සංදේශය භාර දීම සිදු විය.

ඊට අතුරුදහන් වූවන්ගේ පවුල්වල සාමාජිකයින් එක්ව සිටි අතර සිය අතුරුදහන් සාමාජිකයින් වෙත යුක්තිය ඉටුකරගැනීම ඔවුන්ගේ අපේක්ෂාවයි.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතුද ක්‍රියාත්මක වන පසුබිමක ඔවුන් විසින් සියලුම ජනාධිපති අපේක්ෂකයින් දැනුවත් කිරීමේ වැඩසටහනක්ද අද පස්වරුවේ සංවිධානය කර තිබේ.

ඒ අනුව ”වගවීම සඳහා වූ ප්‍රතිපත්තිමය වැඩපිළිවෙලක් කරා – සත්‍යය,යුක්තිය සහ හානි පූරණය ක්‍රියාවට නැංවීමට නිර්දේශ ඇතුළත් වාර්තාව” ඔවුන් වෙත පිළිගැන්වීම ද එහිදී සිදුකිරීමට නියමිතයි.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

සියලු ඡායාරූප නරඹන්න

https://www.readphotos.com/photo-stories/689/Families%20of%20Missing%20Persons%20Protest

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැටී නැගිටින නුවරට වැටී නැගිටින පාඩමක්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 15, කොළඹ LNW: මේ මොහොත තවමත් වැටුණු...

මෙරට මාර්ග පද්ධතිය පිළිබද ඔබ දැනුවත්ද?

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : ජනාතාවට ...

‘Zootopia 2’ බොක්ස් ඔෆිස් හි අංක 1 ස්ථානය ලබා ගනිමින් ලොව පුරා ඩොලර් බිලියන 1 ක ආදායමක් උපයයි

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 15: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වෝල්ට්...